Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 16:28 - Sinhala Revised Old Version

28 ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට සාක්ෂි දෙන්ට ඔහු මාගේ පියාගේ ගෙදරට අරින ලෙස ඉල්ලමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙ‍න් ඉල්ලමි’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

28 මන්ද මට සහෝදරයෝ පස් දෙනකු ඉන්නවා. මෙහි වධ විඳින්නට මෙහි නො එන ලෙසට ඔවුන්ට අවවාද කරත්වා’ යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙ‍න් ඉල්ලමි’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 16:28
16 හුවමාරු යොමු  

නුමුත් බැඳුම්ද දුක්ද මට පැමිණේයයි ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නුවරවලදී සාක්ෂිදෙනසේක.


වෙනත් බොහෝ වචනවලින් සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්නය කියමින් අවවාදකෙළේය.


මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.


ඔහුද: එසේ නම්, පියාණෙනි, මට සහෝදරයන් පස්දෙනෙක් සිටිති;


එබැවින් ඔව්හු සාක්ෂිදී දෙවියන්වහන්සේගේ වචනය කියාදුන්නායින් පසු, යෙරුසලමට හැරී යද්දී සමාරියයන්ගේ බොහෝ ගම්වල ශුභාරංචිය ප්‍රකාශ කළෝය.


ජීවත්වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන්වහන්සේ විසින් නියමකරනලද තැනැත්තේ මුන්වහන්සේ බව සෙනඟට ප්‍රකාශකරන්ටත් සාක්ෂිදෙන්ටත් උන්වහන්සේ අපට අණකළසේක.


නුමුත් සීලස්ද තිමෝතියස්ද මකිදෝනියෙන් ආ කල, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්මයයි පාවුල් යුදෙව්වරුන්ට සාක්ෂිදෙමින්, වචනය දේශනාකිරීමේ වැඩේම යෙදී සිටියේය.


දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.


නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි.


එදා රාත්‍රියේ ස්වාමීන්වහන්සේ ඔහු ළඟ සිට: ධෛර්ය ඇතුව සිටින්න. නුඹ විසින් යෙරුසලමේදී මා ගැන සාක්ෂිදුන් සේම රෝමයේදීත් සාක්ෂි දෙන්ට ඕනෑයයි කීසේක.


එසේවී නුමුත් දෙවියන්වහන්සේගෙන් වන පිහිට ලැබ, ලොකු කුඩා අයට සාක්ෂිදෙමින්, ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ට ඕනෑ බව සහ පළමුකොට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ සෙනඟටද අන්‍යජාතීන්ටද එළිය ප්‍රකාශ කරනසේකැයි යන


තවද ඔව්හු ඔහුට දවසක් නියමකොට, බොහෝ දෙනෙක් ඔහු ළඟට, ඔහුගේ නවාතැනට, ආවෝය; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂිදෙමින්, යේසුස්වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගතවක්තෘවරුන්ගේ පොත්වලින් කාරණා තේරුම්කරදුන්නේය.


එසේය, චර්මඡේද්‍යය ලබන සෑමදෙනම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට ණයකාරයෝව සිටින්නෝයයි නැවත සාක්ෂිදෙමි.


එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.


එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්