Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 14:35 - Sinhala Revised Old Version

35 පොළොවටවත් කසළ ගොඩටවත් ඒවා සුදුසු නැත. ඒවා අහක දමති. අසන්ට කන් ඇත්තේ අසාවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 පසට වත්, කසළ ගොඩට වත් එයින් වැඩක් නැත; මිනිස්සු ඒවා ඉවත දමති. සවන් ඇත්තෝ සවන් දෙත්වා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

35 පසටවත්, පොහොරටවත් එයින් ඇති වැඩක් නැත. ඒවා ඉවත හෙළා දැමේ. “කන් ඇත්තා අසත්වා!” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 පසට වත්, කසළ ගොඩට වත් එයින් වැඩක් නැත; මිනිස්සු ඒවා ඉවත දමති. සවන් ඇත්තෝ සවන් දෙත්වා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 14:35
11 හුවමාරු යොමු  

ඇසීමට කන් ඇත්තේ අසාවා.


ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.


ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි.


ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය.


ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි.


යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.


මේ වචන නුඹලාගේ කන්වල බහාගන්න. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නේයයි කීසේක.


තවත් ඒවා සරුබිමේ වැටී, පැළවී, එකෙන් සියයක් ඵල දුන්නෝයයි කීසේක. උන්වහන්සේ මේ දේවල් කියා: අසන්ට කන් ඇත්තේ අසාවයි ශබ්දනගා කීසේක.


ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.


යමෙකුට ඇසීමට කන් ඇත්තේද ඔහු අසාවයි කීසේක.


ඔහු උත්තරදෙමින්: ස්වාමීනි, ඒක වටකර හාරා, පෝර දමන තුරු, මේ අවුරුද්දෙත් තිබුණාවේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්