Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 14:27 - Sinhala Revised Old Version

27 තමාගේ කුරුසිය උසුලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්ට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 තමාගේ කුරුසිය දරාගෙන, මා අනුව නො එන කිසිවකුට මගේ ගෝලයකු වන්නට බැරි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 14:27
12 හුවමාරු යොමු  

තමාගේ කුරුසිය රැගෙන මා අනුව නේන තැනැත්තා මට සුදුසු නොවේ.


යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේමකොට: නුඹට එකක් අඩුය. ගොස් නුඹ සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට දෙන්න, ස්වර්ගයෙහි නුඹට වස්තු ඇතිවන්නේය. නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක.


එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.


අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය.


එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය.


ඒ කාරණය නිසා මේ දේවලුත් විඳීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.


උන්වහන්සේම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් භාෂාවෙන් ගොල්ගොතායයි කියනලද හිස්කබල ස්ථානයට පිටත්ව ගියසේක.


ඔව්හු අලෙක්සන්දර්ගෙත් රූපස්ගෙත් පියවූ, පිටිසරින් ඇවිත් ඒ මග ගියාවූ කිරේනියේ සීමොන් නම් කෙනෙකුට උන්වහන්සේගේ කුරුසිය උසුලාගන යන පිණිස ඔවුන් සමඟ යන්ට බලකළෝය.


මක්නිසාද කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්