Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 14:23 - Sinhala Revised Old Version

23 එවිට ස්වාමියා දාසයාට කථාකොට: නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස්, මාගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 “එවිට හාම්පුතා, ‘මහ මාවත් දිගේත්, දෙවට පාර දිගේත් ගොස්, මගේ නිවස පිරෙන්නට මිනිසුන් කැඳවාගෙන එන්නැයි සේවකයාට කීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 14:23
37 හුවමාරු යොමු  

අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.


එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.


වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.


එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.


නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි.


නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්, ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.


එහෙයින් දෙවියන්වහන්සේගේ මේ ගැළවීම අන්‍යජාතීන්ට යවනලද බව නුඹලාට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කීවේය.


එහෙත් ඔවුන් විරුද්ධව සිට අපහාසකළ කල්හි, ඔහු තමාගේ වස්ත්‍ර ගසාදමා, ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලේ නුඹලාගේම හිස් පිට වේවා; මම නිදොස්වෙමි. මෙතැන් පටන් අන්‍යජාතීන් ළඟට යමියි කීවේය.


උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය කෙරෙහි ඇති ස්වකීය කරුණාවත් විශ්වාසකමත් සිහිකළසේක. පොළොවේ සියලු සීමාවෝ අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දුටුවෝය.


තවද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව.


තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ උන්වහන්සේ වෙතට ජාතීහු රැස්වන්නෝය; උන්වහන්සේගේ නිවාසස්ථානයද තේජවත් වන්නේය.


නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.


එබැවින් නුඹලාට මම කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.


තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.


මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.


ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.


නුමුත් ඔව්හු: දවස බොහෝ ගතවී, සවස්වේගන එන බැවින්, අප සමඟ නැවතුණ මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරැත්තකළෝය. උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්ට ඇතුළට ගියසේක.


යමෙක් එක හැතැප්මක් යන්ට ඔබට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. නුඹෙන් ඉල්ලන්නාට දෙන්න,


දාසයාද: ස්වාමීනි, ඔබ අණකළ ලෙස කරනලද්දේය, නුමුත් තව ඉඩ තිබේයයි කීවේය.


මක්නිසාද නුඹලාට කියමි–කැඳවනු ලැබූවන්ගෙන් එක්කෙනෙක්වත් මාගේ රාත්‍රි කෑමෙහි රස නොබලන්නේයයි කීයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්