Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 14:21 - Sinhala Revised Old Version

21 ඒ දාසයා ඇවිත් තමාගේ ස්වාමියාට මේ කාරණා දැන්නුවේය. එවිට ගෙදර ස්වාමියා කෝපවී: නුඹ නුවර වීථිවලටද අතුරු පාරවලටද වහාම ගොස්, දිළිඳුන්ද අබ්බාගාතයන්ද අන්ධයන්ද කොරුන්ද මෙහි ගෙනෙන්නැයි තමාගේ දාසයාට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය. එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙ‍හි ගෙනෙව’යි සිය දාසයාට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 “සේවකයා ආපසු ගොස්, තම හාම්පුතුට එපවත් දැන්වූවා. ඉන් කෝප වූ ගෘහපතියා, ‘නගරයේ වීදිවලටත්, අතුරු පාරවලටත් වහාම ගොස්, දිළින්දන්, අබ්බගාතයින්, අන්ධයින් හා කොරුන් කැඳවාගෙන එනු’ යි තම සේවකයාට කීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය. එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙ‍හි ගෙනෙව’යි සිය දාසයාට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 14:21
38 හුවමාරු යොමු  

නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න.


මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.


අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.


යේසුස්වහන්සේ කථාකොට: ඇස් නොපෙනෙනවුන්ට පෙනෙන පිණිසද ඇස් පෙනෙනවුන් අන්ධවෙන පිණිසද විනිශ්චය සඳහා මේ ලෝකයට ආවෙමියි කීසේක.


මක්නිසාද නුඹලාට කියමි–කැඳවනු ලැබූවන්ගෙන් එක්කෙනෙක්වත් මාගේ රාත්‍රි කෑමෙහි රස නොබලන්නේයයි කීයේය.


එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.


පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?


අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.


ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.


ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක.


නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.


යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.


වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.


නුඹේ යොත් බුරුල්වී තිබේ; ඒවායින් කුඹගහ කෙළින් හිටවන්ටවත් රුවල විදහන්ටවත් නුපුළුවන්විය. එවිට මහත් කොල්ලයක් බෙදාගන්නාලද්දේය;


ප්‍රේරිතයෝ හැරී ඇවිත් තමුන් කළ දේවල් උන්වහන්සේට ප්‍රකාශකළෝය. එවිට උන්වහන්සේ ඔවුන් වෙන්කොට කැඳවාගෙන බෙත්සයිදා නම් නුවරකට ගියසේක.


ඔහුගේ සහකාර දාසයෝ සිද්ධවූ දේ දැක, ඉතා ශෝකව, ඇවිත් සිදුවූ සියල්ල තමුන්ගේ ස්වාමියාට කීවෝය.


එවිට ගෝලයෝ ඇවිත්: ඵරිසිවරුන් ඒ වචනය අසා බාධාවූ බව දන්නාසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


එසේ ඒ දවසේදී එය අවලංගුවීමෙන්, මා සැලකුවාවූ අසරණ බැටළු රැළ එය ස්වාමීන්වහන්සේගේ වචනය බව දැනගත්තෝය.


එසේ මරන්ට සිටි බැටළු රැළ පෝෂණයකෙළෙමි, ඔව්හු සැබෑවටම අසරණ රැළක්ය. මම සැරයටි දෙකක් රැගෙන එකකට ප්‍රසන්නකමය කියාද අනිකට බැඳුම්ය කියාද නම් තබා, බැටළු රැළ පෝෂණයකෙළෙමි.


යෙරුසලමේ වීථිවල ඔබ මොබ දුවගොස් බලා, ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. නුඹලාට මනුෂ්‍යයෙකු සොයාගන්ට පුළුවන්නම්, යුක්තිය කරන්නාවූ, විශ්වාසවූ කෙනෙක් එහි ඇත්නම්, මම ඒ නුවරට කමාවන්නෙමි.


එවිට දාවිත්ගේ යෞවනයෝ හැරී ගොස් දාවිත් ළඟට පැමිණ ඒ සියලු වචනවල ප්‍රකාරයට ඔහුට දැන්නුවෝය.


මක්නිසාද මාගේ තුනටිය දැවිල්ලෙන් පිරී තිබේ; මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත.


පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.


තවත් කෙනෙක්ද: මම භාර්යාවකු සරණපාවා ගතිමි, එබැවින් එන්ට බැරියයි කීවේය.


දාසයාද: ස්වාමීනි, ඔබ අණකළ ලෙස කරනලද්දේය, නුමුත් තව ඉඩ තිබේයයි කීවේය.


කිසිවෙකු විසින් අප කුලියට නොගත් නිසායයි ඔව්හු කීවෝය. එවිට ඔහු: නුඹලාත් මිදිවත්තට යන්නැයි ඔවුන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්