Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 14:1 - Sinhala Revised Old Version

1 තවද උන්වහන්සේ සබත් දවසකදී කෑම කන පිණිස ඵරිසිවරුන්ගෙන් ප්‍රධානියෙකුගේ ගෙදරට පැමිණි කල ඔව්හු උන්වහන්සේ ගැන රැක බලා සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සබත් දිනක උන් වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩිය සේක. හැම දෙන ම උන් වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 තවත් සබත් දිනෙක උන්වහන්සේ නායක පරිසිවරයකුගේ නිවසේ කෑමට ගිය කල, ඔවුහු උන්වහන්සේ ගැන විමසිල්ලෙන් වුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සබත් දිනක උන් වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩිය සේක. හැම දෙන ම උන් වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 14:1
19 හුවමාරු යොමු  

එවිට ඔව්හු උන්වහන්සේට වරදතබන පිණිස උන්වහන්සේ සබත් දවසේදී ඔහු සුවකරනසේක්දෝ කියා බල බලා සිටියෝය.


ඔව්හු උන්වහන්සේගේ වචන අල්ලාගෙන, උන්වහන්සේ ආණ්ඩුවටද ආණ්ඩුකාරයාගේ බලයටද භාරදෙන පිණිස බලාසිට, තුමූ ධර්මිෂ්ඨයෝයයි හඟවන්නාවූ ඔත්තුකාරයන් යැවුවෝය.


උන්වහන්සේ කථාකරද්දී ඵරිසියෙක් තමා සමඟ කෑම කන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලුවේය. උන්වහන්සේ ඇතුල්ව කෑමට වැඩහුන්සේක.


ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති; ඔව්හු බොරුවට ප්‍රියවෙති; තමුන්ගේ මුඛයෙන් ආශීර්වාදකරන නුමුත් සිතින් ශාපකෙරෙති.


ඔහු මා බලන්ට ආවොත් නිෂ්ඵල දේ කථාකරයි; ඔහුගේ සිත අයුතුකම් රැස්කරගනියි. ඔහු පිටත යන කල එය ප්‍රකාශකරයි.


එවිට ලියන්නෝද ඵරිසිවරුද උන්වහන්සේට වරද තබන්ට මාර්ගයක් සොයාගන්නා පිණිස උන්වහන්සේ සබත් දවසේදී සුවකරනවා ඇද්ද කියා බලා සිටියෝය.


මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය. කන්න බොන්නැයි ඔහු නුඹට කියයි; නුමුත් ඔහුගේ සිත නුඹ සමඟ නැත.


දුෂ්ටයා ධර්මිෂ්ඨයා බලා රැක හිඳ ඔහු මරන්ට සොයයි.


යුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක්වූ නිකොදේමුස් නම් ඵරිසියෙක් සිටියේය.


නුමුත් ව්‍යවස්ථාචාර්යයෙක්වූ සියලු මනුෂ්‍යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්‍යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ:


එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා–


බලව, උන්වහන්සේ ඉදිරියෙහි දියඋදර රෝගීවූ මනුෂ්‍යයෙක් සිටියේය.


දෙවියන්වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදැයි ඵරිසිවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය පෙරහැර සහිතව නොඑන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්