Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 13:26 - Sinhala Revised Old Version

26 එවිට නුඹලා: අපි ඔබ ඉදිරියෙහි කෑවෙමුව, බීවෙමුව, ඔබ අපේ වීථිවල ඉගැන්වූසේකැයි කියන්ට පටන්ගන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එවිට ඔබ: ‘අපි ඔබ සමඟ කෑවෙමු, බීවෙමු, ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකැ’යි කියන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 “එකල ඔබ පිළිතුරු දෙමින්, ‘අපි ඔබ සමඟ කෑවෙමු; බීවෙමු; ඔබතුමා අපේ වීදිවල ඉගැන්වූහ’ යි කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එවිට ඔබ: ‘අපි ඔබ සමඟ කෑවෙමු, බීවෙමු, ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකැ’යි කියන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 13:26
5 හුවමාරු යොමු  

ඔව්හු දවස් පතා මා සොයති, මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්නවෙති. ධර්මිෂ්ඨකම්කොට තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියෝගය අත්නෑර සිටින ජාතියක්මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති, දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ප්‍රසන්නවෙති.


ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.


දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.


එබැවින්–ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.


නුමුත් උන්වහන්සේ කථාකොට: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමි; අයුතුකම් කරන සියල්ලෙනි, මා වෙතින් යන්නැයි කියන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්