Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 13:23 - Sinhala Revised Old Version

23 එක් කෙනෙක් කථාකොට: ස්වාමිනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එක් කෙනෙක් කතා කොට, “ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙ‍සේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 කෙනෙක් උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ගැලවීම ලබන්නේ ස්වල්ප දෙනකු පමණක් දැ?” යි ඇසුවේ ය. උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එක් කෙනෙක් කතා කොට, “ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙ‍සේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 13:23
12 හුවමාරු යොමු  

මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.


මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයයි කීසේක.


මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝයයි කීසේක.


ගෝලයෝ ඒ අසා ඉතා විස්මපත්ව: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය.


උන්වහන්සේ යෙරුසලමට ගමන්කරද්දී උගන්වමින් නුවරවල් සහ ගම් මැදින් ගියසේක.


පටු දොරකඩින් ඇතුල්වෙන්ට වීර්යකරන්න. මක්නිසාද බොහෝ දෙනෙක් ඇතුල්වෙන්ට සොයන නුමුත් බැරිවන්නේයයි නුඹලාට කියමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්