Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 13:12 - Sinhala Revised Old Version

12 යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, නුඹේ දුර්වලකමින් නුඹ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ජේසුස් වහන්සේ ඈ දැක කැඳවා, “ස්ත්‍රිය, ඔබේ දුර්වල කමින් ඔබ මිදුණෙහි ය”යි කියා

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 යේසුස්වහන්සේ ඇය දැක, ඉදිරියට කැඳවා, “ස්ත්‍රිය, ඔබේ ආබාධයෙන් ඔබ මිදුණා” යි පවසා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ජේසුස් වහන්සේ ඈ දැක කැඳවා, “ස්ත්‍රිය, ඔබේ දුර්වල කමින් ඔබ මිදුණෙහි ය”යි කියා

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 13:12
9 හුවමාරු යොමු  

උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක.


සවස්වු කල යක්ෂාවේශවූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරුකළසේක, රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක.


එසේ නම්, දසඅට අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින් බැඳ සිටි, ආබ්‍රහම්ගේ දුවෙක්වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැයි කීසේක.


නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.


මා ගැන විභාග නොකළ අයට ප්‍රකාශවුණෙමි; මා නොසෙවු අයට සම්බවුණෙමි. මාගේ නාමය නොදැරූ ජාතියකට: මම මෙහිය, මම මෙහියයි කීවෙමි.


තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.


බලව, දසඅට අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇතිවූ කොයි ප්‍රකාරයකින්වත් කෙලින් වෙන්ට බැරි ස්ත්‍රියෙක් එහි සිටියාය.


එකෙණෙහිම ඈ කෙලින්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකළාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්