Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 11:27 - Sinhala Revised Old Version

27 තවද උන්වහන්සේ මේ වචන කියද්දී සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියෙක් ශබ්දනගා: ඔබවහන්සේ දැරූ කුසයද ඔබවහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 උන් වහන්සේ මෙ‍වදන් පවසද්දී, සමූහයා කෙරෙන් එක් ස්ත්‍රියක් හඬනඟා, “ඔබ දැරූ කුසය ද ඔබට කිරි දුන් පියයුරු ද භාග්‍යවන්ත ය”යි උන් වහන්සේට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 උන්වහන්සේ මෙසේ පවසද්දී, රැස්ව සිටි පිරිස අතරේ සිටි එක් ස්ත්‍රියක්, “ඔබ දරා සිටි කුසය හා ඔබට කිරි දුන් ළැම ආශිර්වාදිත යැ” යි හඬ නගා කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 උන් වහන්සේ මෙ‍වදන් පවසද්දී, සමූහයා කෙරෙන් එක් ස්ත්‍රියක් හඬනඟා, “ඔබ දැරූ කුසය ද ඔබට කිරි දුන් පියයුරු ද භාග්‍යවන්ත ය”යි උන් වහන්සේට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 11:27
6 හුවමාරු යොමු  

නුඹේ පියාද මවුද සතුටුවෙත්වා, එසේය, නුඹ වැදූ තැනැත්තී ප්‍රීතිමත්වේවා.


ඔහු ඈ සිටි තැනට පැමිණ: බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධවේවා, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීවේය.


මහත් ශබ්දයකින් හඬනගා කියන්නී: නුඹ ස්ත්‍රීන් අතරෙහි ආශීර්වාදලද්දීය, නුඹේ ගර්භයේ ඵලයද ආශීර්වාදලද්දේය.


මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. බලව, මෙතැන් පටන් සියලු පරම්පරාවෝ මට ආශීර්වාදලද්දීයයි කියන්නෝය.


එවිට ඔහු ගොස් තමාට වඩා නපුරුවූ වෙන ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය; ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එවිට ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේයයි කීසේක.


මක්නිසාද වඳ ස්ත්‍රීහුද දරුවන් බිහිනොකළ කුසද කිසිකලෙක කිරි නුදුන් තනද වාසනාවන්තයයි කියන දවස් පැමිණෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්