Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 10:4 - Sinhala Revised Old Version

4 පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් ගෙන නොයන්න. මාර්ගයේදී කාටවත් ආචාර නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 මුදල් පසුම්බියක් හෝ ගමන් මල්ලක් හෝ පාවහන් හෝ නො ගෙන, පිටත් වන්න. මඟදී හමුවන කිසිවකුට ආචාර නො කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 10:4
13 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන්ට කථාකොට: පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් නැතුව මා නුඹලා යැවූ කල නුඹලාට කිසිවක් හිඟවීදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නැතැයි ඔව්හු කීවෝය.


එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් නුඹට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය.


නුඹේ ඇස් ඉස්සරහම බලත්වා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලත්වා.


කොටළුදෙන සූදානම්කර ඇගේ වැඩකාරයාට කථාකොට: දක්කාගෙන යන්න; මා නුඹට නොකියා, මා නිසා නුඹේ දැක්කීම බාල නොකරන්නැයි කීවාය.


දාවිත් අහිමෙලෙක්ට කථාකොට: මෙහි නුඹ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් නැද්ද? රජ්ජුරුවන්ගේ කටයුත්ත ඉක්මන් බැවින් මාගේ කඩුවවත් ආයුධවත් නොගෙනායෙමියි කීවේය.


ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නැයි ඔහු ඔවුන්ට කීය.


කන පිණිස ඔහු ඉදිරියෙහි කෑමද තබනලද්දේය. එහෙත් ඔහු: මාගේ කාරණය කියනතුරු නොකන්නෙමියි කීය. ඔහුද: කියන්නැයි කීය.


එකල උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, ඔවුන් දෙදෙන දෙදෙනා බැගින් යවන්ට පටන්ගෙන, අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලයදී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්