Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 10:18 - Sinhala Revised Old Version

18 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සාතන් විදුලියක් මෙ‍න් අහසින් වැටෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සාතන් අකුණක් සේ අහසින් ඇද වැටෙනු මා දැක්කා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සාතන් විදුලියක් මෙ‍න් අහසින් වැටෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 10:18
9 හුවමාරු යොමු  

දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි!


පස්වෙනි දේවදූතයාද හොරණෑව පිම්-බේය, එවිට අහසෙන් තාරකාවක් පොළොවට වැටී තිබුණා දුටිමි. ඔහුට පාතාලයේ වළේ යතුර දෙනලද්දේය.


විනිශ්චය ගැනයයි කීවේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චයකරනු ලැබ සිටින නිසාය.


මේ ලෝකයේ විනිශ්චය දැන්ය. මේ ලෝකයේ අධිපතියා දැන් පිටත දමනුලබන්නේය.


පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.


එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට,


ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය,


එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්