Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 1:57 - Sinhala Revised Old Version

57 එලිසබෙත්ගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල ඈ පුත්‍රයෙකු බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

57 නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

57 එලිසබෙත්ට ප්‍රසූති කාලය පැමිණි කල, ඕ පුතකු බිහි කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

57 නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 1:57
7 හුවමාරු යොමු  

නුමුත් දේවදූතයා ඔහුට කථාකොට: සෙකරියස්, භය නොවන්න. මක්නිසාද නුඹේ කන්නලව්ව අසනලද්දේය, නුඹේ භාර්යාවවූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු බිහිකරන්නීය, ඔහුට යොහන් යන නම තබන්න.


බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?


යුදයේ රජවූ හෙරොද්ගේ කාලයේදී අබියාගේ පංතියෙහි සෙකරියස් නම් එක්තරා පූජකයෙක් සිටියේය. ඔහුට ආරොන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් වූවාය, ඇගේ නම එලිසබෙත්ය.


මරියා ඈ සමඟ තුන් මසක් පමණ වාසයකොට, තමාගේම ගෙදරට හැරී ගියාය.


ඇගේ අසල්වාසියෝද නෑයෝද ස්වාමීන්වහන්සේ ඈ කෙරෙහි ස්වකීය කරුණාව විශාලකළ බවඅසා, ඈ සමඟ ප්‍රීතිවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්