Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 8:7 - Sinhala Revised Old Version

7 ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, “ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 ඔවුන් දිගටම ප්‍රශ්න කරද්දී, කෙළින් සිටගත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා අතරින් පවක් නො කළ තැනැත්තා ඇයට පළමු ගල ගසත්වා” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, “ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:7
18 හුවමාරු යොමු  

නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.


එබැවින් පශ්චාත්තාපවෙන්න; නැතහොත් මම ඉක්මනින් නුඹ ළඟට ඇවිත්, මාගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමි.


ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක.


උන්වහන්සේ ස්වකීය දකුණතෙහි තාරකා සතක් ඇතුව සිටිසේක. උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මුණේය. උන්වහන්සේගේ මුහුණ තදින් බබළන සූර්යයා මෙන්ය.


සේවකයෝ උත්තරදෙමින්: මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැතැයි කීවෝය.


මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.


නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.


යේසුස්වහන්සේ කෙලින් වී, ස්ත්‍රියට කථාකොට: ඔව්හු කොහේද? කිසිවෙක් නුඹ වරදට පත්කළේ නැද්දැයි ඇසූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්