Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 8:6 - Sinhala Revised Old Version

6 ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට එරෙහි හේතුවක් අල්ලා ගැනීමේ උගුලක් වශයෙනි. යේසුස්වහන්සේ පහතට නැමී, ඇඟිල්ලකින් බිම යමක් ලියූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:6
27 හුවමාරු යොමු  

අහෝ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්ස, ඔබව අත්හරින සියල්ලෝම ලජ්ජාවට පත්වන්නෝය; මාගෙන් අහක්වයන්නෝ ජීවමාන වතුර උල්පත වන ස්වාමීන්වහන්සේ අත්හැරිය බැවින්, ඔවුන් ගැන පොළොව පිට ලියනු ලැබේ.


බලව, ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය.


ඵරිසිවරු උන්වහන්සේ ළඟට පැමිණ උන්වහන්සේ පරීක්ෂාකරමින්: යමෙකු විසින් කොයියම් කාරණයක් නිසාවත් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


දොරටුවෙහි අවවාදකරන්නාට ඔව්හු වෛරවෙති, අවංකලෙස කථාකරන්නාටද පිළිකුල්කරති.


ඉරන්ට කාලයක් සහ මහන්ට කාලයක්ය; නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්ය;


අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.


ඵරිසිවරු උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්: පුරුෂයෙකු විසින් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


එකල ඵරිසිවරු ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, අහසෙන් ලකුණක් උන්වහන්සේගෙන් ඉල්ලමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට පටන්ගත්තෝය.


නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය.


ඔවුන් අතරෙන් ව්‍යවස්ථාව උගන්වන්නෙක් උන්වහන්සේ පරීක්ෂාකරමින්:


නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැන: වංචාකාරයෙනි, නුඹලා මා පරීක්ෂාකරන්නේ මක්නිසාද?


ඵරිසිවරුද සද්දුසිවරුද ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, තමුන්ට අහසෙන් ලකුණක් පෙන්වන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.


නුමුත් උන්වහන්සේ ඈට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්: මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


එබැවින් ඒ කාලය නපුරු නිසා නුවණ ඇත්තා ඒ කාලයෙහි නිශ්ශබ්දව සිටින්නේය.


එකෙණෙහිම මනුෂ්‍ය අතක ඇඟිලි පෙනී, පහන්රුක ඉදිරිපිට රාජ මාළිගාවේ භිත්තියේ බදාම පිට ලිවීය. රජතෙමේ ලියන අතේ කොටස දුටුවේය.


පාරේ යමින් තමාට වැදගැන්මක් නැති ඩබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය.


මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්,


යූදා සිංහපැටවෙක; මාගේ පුත්‍රය, නුඹ ගොදුර කා නැගී ගියෙහිය. ඔහු සිංහයෙකු මෙන්ද සිංහධේනුවක් මෙන්ද නැමී ලැග්ගේය, ඔහු නැගුටුවන්නේ කවුද?


උන්වහන්සේ අලුයම දේවමාළිගාවට නැවත ආසේක, මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණියෝය; උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක.


අන් සමහරු උන්වහන්සේ පරීක්ෂාකරමින්, අහසෙන් ලකුණක් උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.


දෙමුද නොදෙමුදැයි උන්වහන්සේට කීවෝය. නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ වංකකම දැන: නුඹලා මා පරික්ෂාකරන්නේ මක්නිසාද? මට බලන්ට මස්සක් ගෙනෙන්නැයි ඔවුන්ට කීසේක.


මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.


එවිට ඔව්හු උන්වහන්සේට වරදතබන පිණිස උන්වහන්සේ සබත් දවසේදී ඔහු සුවකරනසේක්දෝ කියා බල බලා සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්