Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 8:38 - Sinhala Revised Old Version

38 මාගේ පියාණන්වහන්සේ ළඟදී දුටු දේ මම කියමි. එසේම නුඹලාත් නුඹලාගේ පියාගෙන් ඇසූ දේ කරහුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

38 මා පවසන්නේ, මගේ පියාණන්ගෙන් මා දුටු දේයි. එමෙන් ඔබ කරන්නේ, ඔබේ පියාගෙන් ඔබ ඇසූ දේ යැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:38
12 හුවමාරු යොමු  

එබැවින් යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරනසේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය.


නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.


නුඹලා නුඹලාගේ පියාගේ ක්‍රියා කරහුයයි කීසේක. එවිට ඔව්හු: අපි වේශ්‍යාකමින් උපන්නෝ නොවෙමුව; අපට ඇත්තේ එකම පියාණෝය, ඒ දෙවියන්වහන්සේයයි කීවෝය.


මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි.


මට ප්‍රේම නොකරන්නා මාගේ වචන රක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන්වහන්සේගේය.


මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින බව විශ්වාසකරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මමම උපදවා කථා නොකරමි; නුමුත් පියාණන්වහන්සේ මා තුළෙහි වසමින් ස්වකීය ක්‍රියා කරනසේක.


නුඹලා ගැන කථාකරන්ටත් විනිශ්චයකරන්ටත් බොහෝ කාරණා මට ඇත්තේය. එසේ වුවත් මා එවූ තැනන්වහන්සේ සත්‍යවාදි කෙනෙක්ය; උන්වහන්සේගෙන් ඇසූ දේම මම ලෝකයාට කියමියි කීසේක.


උන්වහන්සේ දුටුවා වූ ඇසුවා වූ දේ ගැන සාක්ෂිදෙනසේක; එහෙත් කවරෙක්වත් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නැත.


මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි; ඔව්හු ඒවා පිළිගෙන, මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන, ඔබ මා එවූ බව විශ්වාසකළෝය.


නුමුත් ඔහු තමාගෙන් බව්තීස්මය ලබන පිණිස ඵරිසිවරුන්ගෙන්ද සද්දුසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙකු එනවා දැක, ඔවුන්ට කථාකොට: පොළොං වංශය, පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාදකළේ කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්