Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 8:19 - Sinhala Revised Old Version

19 එබැවින් ඔව්හු: නුඹේ පියාණන් කොතැන්හිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා මාවත් මාගේ පියාණන්වහන්සේවත් අඳුනන්නේ නැත. නුඹලා මා ඇඳින්නහු නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇතැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එබැවින් ඔව්හු “ඔබේ පියා කොහේ දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා හඳුනන්නේ නැත, මාගේ පියාණන් හඳුනන්නේත් නැත. ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 එවිට ඔවුහු “ඔබේ පියා කොහේ දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා හඳුනන්නේ නැත. මගේ පියාණන්වහන්සේ හඳුනන්නේ ද නැත. ඔබ මා හැඳිනගතහොත්, මාගේ පියාණන්වහන්සේත් හඳුනා ගනු ඇතැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එබැවින් ඔව්හු “ඔබේ පියා කොහේ දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා හඳුනන්නේ නැත, මාගේ පියාණන් හඳුනන්නේත් නැත. ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:19
24 හුවමාරු යොමු  

ඔවුන් පියාණන්වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත.


ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.


ඒ නිසා යේසුස්වහන්සේ දේවමාළිගාවෙහි උගන්වමින් ශබ්දනගා: නුඹලා මා කවුද කියාත් මම කොතැනින් ආවෙම්ද කියාත් දන්නහුය; මම මාගේ කැමැත්තෙන් නායෙමි, නුමුත් මා එවූ තැනන්වහන්සේ සැබෑ කෙනෙක්ය; නුඹලා උන්වහන්සේ අඳුනන්නේ නැත.


උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත.


ඒ ප්‍රස්ථාවේදී යේසුස්වහන්සේ උත්තර දෙමින් කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සඟවා ළදරුවන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි.


ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටිනසේක.


මා ස්වාමීන්වහන්සේ බව දැනගැනීම පිණිස ඔවුන්ට සිතක් දෙන්නෙමි. ඔවුන්ද මාගේ සෙනඟ වෙනවා ඇත, මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මක්නිසාද ඔවුන් තමුන්ගේ මුළු සිතින් මා වෙතට හැරෙනවා ඇත


තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය.


නුමුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?


සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.


සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේ දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද,


නුමුත් ඔවුන් මා එවූ තැනන්වහන්සේව නාඳුනන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල නුඹලාට කරනවා ඇත.


ඔහු අසරණයාගේද දිළින්දාගේද නඩුව ඇසුවේය; එවිට ශුභසිද්ධවූයේය. මා ඇඳිනගැනීම නම් ඒක නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.


උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුඳුලාණෝය;


එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව්කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්,


කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.


යමෙක් පුත්‍රයාණන්වහන්සේව එපාකරන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් නැත්තේය. යමෙක් පුත්‍රයාණන්වහන්සේව පිළිගන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්