Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:47 - Sinhala Revised Old Version

47 එබැවින් ඵරිසිවරු ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් මුළාවෙලාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වූවාහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

47 එවිට පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වුණා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වූවාහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:47
8 හුවමාරු යොමු  

සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කෙඳිරීමක් විය. සමහරෙක්: ඔහු සත්පුරුෂයෙකැයි කීවෝය; සමහරෙක්: එසේ නොවේ, ඔහු සමූහයා මුළා කරන්නේයයි කීවෝය.


ගෞරවය සහ අගෞරවය කරණකොටගෙනද, අපකීර්තිය සහ කීර්තිය කරණකොටගෙනද, වංචාකාරයන් මෙන් පෙනෙන නුමුත් සත්‍යවාදී අය මෙන්ද;


ස්වාමිනි, ඒ වංචාකාරයා ජීවත්ව සිටියදී–මම තුන් දවසකට පසු නැගිටින්නෙමියි කී බව අපට මතකය.


එබැවින් නුඹලා රවටන්ටවත් මෙලෙස නුඹලා පොළඹන්ටවත් හෙසකියාට ඉඩනොදෙන්න, ඔහු විශ්වාස නොකරන්න. මක්නිසාද කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවිකෙනෙකුටවත් තමාගේ සෙනඟ මාගේ අතින්වත් මාගේ පියවරුන්ගේ අතින්වත් ගළවාගන්ට පුළුවන් නොවීය. එසේවී නම් නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා මාගේ අතින් ගළවන්නේ කොහොමදැයි කීවේය.


නුඹලා එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන. මෙසේ නුඹලා නොනැසී ජීවත්වන්නහුය. ස්වාමීන්වහන්සේ අප ගළවාගන්නවා ඇත කියා හෙසකියා නුඹලා පොළඹවන කල ඔහුට ඇහුම්කන් නොදෙන්න.


නුඹලා රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න. මක්නිසාද මාගේ අතින් නුඹලා ගළවාගන්ට ඔහුට බැරිය.


උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩකරන්නේ මක්නිසාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්