Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:45 - Sinhala Revised Old Version

45 ඉක්බිති සේවකයෝ නායක පූජකයන් සහ ඵරිසිවරුන් ළඟට ආවෝය. නුඹලා ඔහු නොගෙනාවේ මක්නිසාදැයි ඔව්හු ඔවුන්ගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 ඉක්බිති, මුර සේවකයෝ නායක පූජකයන් ද පරිසිවරුන් ද වෙතට පෙරළා පැමිණියහ. ඔව්හු ද, “නුඹලා ඔහු නොගෙනාවේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

45 දේව මාලිග මුර සෙබළුන් ආපසු නායක පූජකවරුන් හා පරිසිවරුන් වෙත ආ කල, “නුඹලා ඔහු නො ගෙනාවේ මන්දැ?” යි ඔවුහු ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 ඉක්බිති, මුර සේවකයෝ නායක පූජකයන් ද පරිසිවරුන් ද වෙතට පෙරළා පැමිණියහ. ඔව්හු ද, “නුඹලා ඔහු නොගෙනාවේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:45
6 හුවමාරු යොමු  

සමූහයා උන්වහන්සේ ගැන මේ දේවල් කියමින් කොඳුරනවා ඵරිසිවරුන්ට ඇසී, නායක පූජකයෝද ඵරිසිවරුද උන්වහන්සේ අල්ලන්ට සේවකයන් යැවුවෝය.


නුමුත් පේතෘස් උත්තම පූජකයාගේ ශාලාව දක්වා උන්වහන්සේ අනුව දුරින් ගොස්, ඇතුල්ව, තීන්දුව දකින පිණිස සේවකයන් සමඟ හිඳගත්තේය.


ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය.


නුමුත් ඔවුන්ගෙන් සමහරෙක් ඵරිසිවරුන් ළඟට ගොස් යේසුස්වහන්සේ කළ දේවල් ඔවුන්ට කීවෝය.


එබැවින් නායක පූජකයෝද ඵරිසිවරුද මන්ත්‍රණ සභාවක් රැස්කරවා: අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්