Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:43 - Sinhala Revised Old Version

43 මෙසේ උන්වහන්සේ නිසා සමූහයා අතරෙහි භේදයක් හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 මෙසේ උන් වහන්සේ නිසා සමූහයා අතර භේදයක් හටගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

43 මෙසේ එහි උන්වහන්සේ ගැන ජනයා අතරේ බෙදීමක් ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 මෙසේ උන් වහන්සේ නිසා සමූහයා අතර භේදයක් හටගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:43
7 හුවමාරු යොමු  

මේ වචන නිසා යුදෙව්වරුන් අතරේ නැවත භේදයක් හටගත්තේය.


එබැවින් ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය.


සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කෙඳිරීමක් විය. සමහරෙක්: ඔහු සත්පුරුෂයෙකැයි කීවෝය; සමහරෙක්: එසේ නොවේ, ඔහු සමූහයා මුළා කරන්නේයයි කීවෝය.


නුමුත් නුවර සමූහයෝ භේදව, සමහරෙක් යුදෙව්වරුන්ගේ පක්ෂයටද අන් සමහරෙක් ප්‍රේරිතයන්ගේ පක්ෂයටද සිටියෝය.


පොළොවට සමාදානය දෙන පිණිස මම ආවෙමියි නුඹලා සිතවුද? එසේ නොව, භේද උපදවන පිණිසයයි නුඹලාට කියමි.


මක්නිසාද මනුෂ්‍යයෙකු තමාගේ පියා සමඟද දුව ඇගේ මවු සමඟද යෙහෙළී ඇගේ නැන්දා සමඟද භේදකරවන පිණිස ආවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්