Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:34 - Sinhala Revised Old Version

34 නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාට මා සම්බවෙන්නේ නැත. මා සිටින තැනට එන්ට නුඹලාට නුපුළුවනැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ඔබ මා සොයන්නහු ය; එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත. ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 ඔබ මා සොයනු ඇත. එහෙත් ඔබට මා හමුවන්නේ නැත. මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ඔබ මා සොයන්නහු ය; එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත. ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:34
12 හුවමාරු යොමු  

පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.


යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,


මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.


මක්නිසාද නුඹලාට කියමි: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාදලද්දේයයි නුඹලා කියන තෙක් මෙතැන් පටන් නුඹලා මා දකින්නේ නැතැයි කීසේක.


ඔව්හු තමුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඇතුව ස්වාමීන්වහන්සේ සොයායන්නෝය; නුමුත් උන්වහන්සේ ඔවුන්ට සම්බවන්නේ නැත. උන්වහන්සේ ඔවුන්ගෙන් පහව සිටිනසේක.


නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාට මා සම්බවෙන්නේ නැත; මා සිටින තැනට එන්ට නුඹලාට නුපුළුවන කියා ඔහු කී වචනය කිමෙක්දැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්