Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 7:23 - Sinhala Revised Old Version

23 මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නොවන පිණිස මනුෂ්‍යයෙක් සබත් දවසේදී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේදී මනුෂ්‍යයෙකු සම්පූර්ණයෙන් සුව කළාට නුඹලා මා කෙරේ කෝපවවූද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඉදින්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නො වන පරිදි, මිනිසෙක් සබත් දවසේ දී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේ දී මා මිනිසෙකු සම්පූර්ණයෙන් ම සුවපත් කළ බැවින්, ඔබ කෝප වන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 මෝස‍ෙස්ගේ නීතිය කඩ නො වන සේ සබත් දවසේ මිනිසකු චර්මඡේද කළ හැකි නම්, සබත් දවසේ මිනිසකු මුළුමනින් සුව කිරීම ගැන මා සමඟ උරණ වන්නේ මොකද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඉදින්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නො වන පරිදි, මිනිසෙක් සබත් දවසේ දී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේ දී මා මිනිසෙකු සම්පූර්ණයෙන් ම සුවපත් කළ බැවින්, ඔබ කෝප වන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:23
9 හුවමාරු යොමු  

එබැවින් නුඹලා සබත් දවස රක්ෂාකරන්න; මක්නිසාද එය නුඹලාට ශුද්ධය. එය අශුද්ධකරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය. මක්නිසාද ඒ දවසෙහි යමෙක් යම් වැඩක් කෙරේද ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


එහි වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් සිටියේය. එවිට ඔව්හු උන්වහන්සේට වරද තබන පිණිස: සබත් දවසේදී සුවකරන්ට යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


ඵරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය.


නොහොත් දේවමාළිගාවෙහි පූජකයන් සබත් දවසේදී සබත් කඩකොට නිවැරදිව සිටින බව ව්‍යවස්ථාවෙහි නුඹලා කියවා නැද්ද?


ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය.


යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: එක් ක්‍රියාවක් කෙළෙමි, ඊට නුඹලා සියල්ලෝම මවිතව සිටිති.


එබැවින් ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්