Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:10 - Sinhala Revised Old Version

10 නුමුත් තමන් සහෝදරයන් මංගල්‍යයට ගියායින් පසු උන්වහන්සේද ප්‍රසිද්ධයෙන් නොව රහසින් මෙන් මංගල්‍යයට ගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එහෙත්, තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු, උන් වහන්සේ ද ප්‍රසිද්ධියේ නොව, රහසින් මංගල්‍යයට වැඩිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 කෙසේ වෙතත් තම සහෝදරයින් මංගල්‍යයට පිටත්ව ගිය පසු, උන්වහන්සේ ද ප්‍රසිද්ධියේ නො ව, රහසින් මෙන් එහි ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එහෙත්, තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු, උන් වහන්සේ ද ප්‍රසිද්ධියේ නොව, රහසින් මංගල්‍යයට වැඩිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:10
13 හුවමාරු යොමු  

වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


එබැවින් ඒ කාලය නපුරු නිසා නුවණ ඇත්තා ඒ කාලයෙහි නිශ්ශබ්දව සිටින්නේය.


නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන් වහන්සේ එවූසේක.


එහෙයින් යේසුස්වහන්සේ යුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධයෙන් නොහැසිර, එයින් පිටත්ව වනාන්තරයට සමීප පළාතට පැමිණ, එප්‍රායිම් නම් නුවරකට ගොස් ගෝලයන් සමඟ එහි නැවතී සිටිසේක.


මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහාගත්තේ නැත.


ඒ නිසා උන්වහන්සේගේ සහෝදරයෝ කථාකොට: නුඹ කරන ක්‍රියා නුඹේ ගෝලයන් විසින්ද දකින පිණිස මෙයින් පිටත්ව යුදයට යන්න.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය.


මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහියයි කීමි.


ස්වාමිනි, ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේමකරමි.


උන්වහන්සේ සමූහයන්ට කථාකරමින් සිටියදීම උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටියෝය.


උන්වහන්සේගේ නෑයෝ ඒ අසා, උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය.


උන්වහන්සේ මෙසේ ඔවුන්ට කියා, ගලීලයේ නැවතී සිටිසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්