Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 6:64 - Sinhala Revised Old Version

64 නුමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිතියි කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන්වහන්සේ පාවාදෙන්ට සිටියේ කවුද කියාත් යේසුස්වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

64 එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නෝ කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

64 එනමුත් ඔබගෙන් ඇතමෙක් විශ්වාස කරන්නේ නැතැ” යි කී සේක. මන්ද විශ්වාස නො කරන්නේ කවුරු ද, තමා පාවා දෙන්නේ කවුරු ද යන්න යේසුස්වහන්සේ මුල පටන්ම දැන සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

64 එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නෝ කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 6:64
20 හුවමාරු යොමු  

නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාසකරන්නේ නැත.


උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.


එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.


මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.


ගෝලයන් ඒ ගැන කොඳුරන බව යේසුස්වහන්සේ තමන් තුළ දැන, ඔවුන්ට කියනසේක්:


නුමුත් නුඹලා අඳුනමි, දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය නුඹලා තුළ නැති බව දනිමි.


ලෝකයේ පටන්ගැන්මේ සිට මේ සියල්ල දන්වන්නාවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියනලද්දේය.


මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.


නුමුත් නුඹලා මා දැකත් අදහන්නේ නැතැයි මම නුඹලාට කීමි.


නුමුත් මම උන්වහන්සේ අඳුනමි; උන්වහන්සේ නාඳුනමියි කීවොත් මමත් නුඹලා හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. නුමුත් මම උන්වහන්සේ අඳුනමි; උන්වහන්සේගේ වචනයද රක්ෂාකරමි,


උන්වහන්සේද: නුඹලා පහළින් වන්නහුය; මම ඉහළින් වෙමි. නුඹලා මේ ලෝකයෙන් වන්නහුය; මම මේ ලෝකයෙන් නොවෙමි.


කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය.


එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය.


යේසුස්වහන්සේ තමන් කෙරේ පැමිණෙන්නාවූ සියලු දේ දැන, ඉදිරියට ගොස්: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්