Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 4:46 - Sinhala Revised Old Version

46 එවිට උන්වහන්සේ තමන් විසින් වතුරෙන් මුද්‍රිකපානය සෑදුවාවූ ගලීලයේ කානා නුවරට නැවත පැමිණිසේක. කපර්ණවුමෙහි රෝගීවු පුත්‍රයෙකු ඇති එක්තරා ඇමතියෙක් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 යළිත් උන් වහන්සේ ගලීලයේ කානා නම් ගමට වැඩම කළ සේක. උන් වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහි දී ය. එකල, එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුර ව කපර්ණවුමෙහි සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

46 යේසුස්වහන්සේ වතුර, මිදි යුෂ බවට පත් කළ ගලීලයේ කානා නගරය කරා උන්වහන්සේ යළි පැමිණි සේක. රෝගී පුත්‍රයකු සිටි එක්තරා රජයේ නිලධාරියෙක් කපර්ණවුම්හි සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 යළිත් උන් වහන්සේ ගලීලයේ කානා නම් ගමට වැඩම කළ සේක. උන් වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහි දී ය. එකල, එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුර ව කපර්ණවුමෙහි සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 4:46
14 හුවමාරු යොමු  

මක්නිසාද දොළොස් අවුරුද්දක් පමණ වයස් ඇති ඔහුගේ එකම දුව මරණාසන්නව සිටියාය. උන්වහන්සේ යන කල සමූහයෝ උන්වහන්සේට තෙරපෙමින් සිටියෝය.


එක්තරා සියයකට මුලාදෑනියෙකුගේ ප්‍රියවූ දාසයෙක් රෝගීව මරණාසන්නව සිටියේය.


බලව, කානානිය ස්ත්‍රියෙක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත්: දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීයයි කීවාය.


උන්වහන්සේ ඔවුන්ට මේ කාරණා කියමින් සිටියදී එක්තරා මුලාදෑනියෙක් ඇවිත් උන්වහන්සේට වැඳ: මාගේ දුව මේ දැන් මළාය. එහෙත් ඔබවහන්සේ ඇවිත් ඈ පිට අත තැබුව මැනව, එවිට ඈ ජීවත්වේයයි කීවේය.


ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.


තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.


සීමොන් පේතෘස්ද දිදිමුස් නම් තෝමස්ද ගලීලයේ කානා නුවර නතානියෙල්ද සෙබදීගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ව සිටියෝය.


උන්වහන්සේ ඔවුන් මැරූ කල ඔව්හු උන්වහන්සේ ගැන විචාළෝය. ඔව්හු හැරී අප්‍රමාදව දෙවියන්වහන්සේ සෙවුවෝය.


එබ්‍රොන්ද රෙහොබ්ද හම්මොන්ද කානාද මහ ශිදොන්ද දක්වා ගියේය;


උන්වහන්සේ නාසරෙත් නුවර හැර, සාබුලොන් සහ නප්තලීයේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්ණවුමට පැමිණ, එහි වාසයකළසේක.


එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: වෙදාණෙනි, තමාම සුවකරගන්න යන මේ උපහැරණ කීම මට කියා, නුඹ කපර්ණවුමෙහිදී කළාය කියා අප විසින් ඇසූ දේම නුඹේ රටවූ මෙහිදීත් කරන්නැයි නිසැකින්ම මට කියනවා ඇත.


ඉන්පසු උන්වහන්සේද උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ගෝලයෝද කපර්ණවුමට ගියෝය. නුමුත් ඔවුන් බොහෝ දවස් එහි නැවතුණේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්