Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 4:16 - Sinhala Revised Old Version

16 ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ජේසුස් වහන්සේ ඈ අමතා, “යන්න, ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 “ගොසින් ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහෙ එන්නැ” යි යේසුස්වහන්සේ කී කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජේසුස් වහන්සේ ඈ අමතා, “යන්න, ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 4:16
9 හුවමාරු යොමු  

උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.


ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.


උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ–ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.


මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක.


ඔහු යේසුස්වහන්සේ ළඟට සීමොන් කැඳවාගෙන ආවේය. යේසුස්වහන්සේ ඔහු දෙස බලා: නුඹ යොහන්ගේ පුත්‍රවූ සීමොන්ය. නුඹට කේපස්ය කියනු ලබන්නේයයි කීසේක. (එහි අර්ථය නම් පේතෘස්ය.)‍


ස්ත්‍රීද: ස්වාමිනි, මට පිපාසා නොවන පිණිසත් වතුර අදින්ට මෙපමණ දුර නොළුන පිණිසත් ඒ වතුර මට දුන මැනවයි කීවාය.


ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය යේසුස්වහන්සේ ඈට කියනසේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්