Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 3:27 - Sinhala Revised Old Version

27 යොහන් උත්තර දෙමින් මෙසේ කීවේය: මනුෂ්‍යයෙකුට ස්වර්ගයෙන් දෙනලද දෙයක් මිස වෙන කිසිවක් ලබන්ට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 යොහන් පිළිතුරු දෙමින්, මෙසේ පැවසී ය, “ස්වර්ගයෙන් දෙනු ලැබූ දෙයක් මිස අන් කිසිවක් ලබන්නට මනුෂ්‍යයකුට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 3:27
27 හුවමාරු යොමු  

සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.


මක්නිසාද නුඹට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද?


නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.


නුමුත් බැටළු රැළ පස්සේ යාමෙන් ස්වාමීන්වහන්සේ මා රැගෙන: නුඹ ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අනාගතවාක්‍ය කියන්නැයි මට කීසේක.


ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට දී තමාගේ ගමන ගියේය.


මම නම් එඬේරෙක්ව සිටීමෙන්ද ඔබ අනුව යාමෙන්ද හැරී නොගියෙමි; කාලකණ්ණි දවසට මම ආශාද නූණෙමි; ඔබම දන්නාසේක. මාගේ තොල්වලින් නික්මුණු කාරණය ඔබගේ මුහුණ ඉදිරියෙහිම තිබුණේය.


මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය.


තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරයටිය ලියලනවා ඇත. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් නුඹලාට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණීම නවතින්ට සලස්වන්නෙමියි කීසේක.


ඒ පිණිස මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ඇදහිල්ල සහ සත්‍යය ගැන අන්‍යජාතීන්ගේ ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි. ඒ ගැන මම බොරුවක් නොකියා සැබෑව කියමි.


යොහන්ගේ බව්තීස්මය වූයේ කොතැනින්ද? ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. ඔව්හු තම තමුන් අතරේ කථාකරගෙන: ස්වර්ගයෙනැයි කියමු නම්, ඔහුව අදහා නොගත්තේ මක්නිසාදැයි අපෙන් අසනවා ඇත.


එහෙයින් අපට දෙනලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගතකීම නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වචන කියමු.


ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය.


දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල්, එපීසයෙහි සිටින ශුද්ධවන්තයන්ව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ව සිටින්නන්ට ලියා එවන වග නම්:


මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කරණකොටගෙනවත් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු පියවූ දෙවියන්වහන්සේ කරණකොටගෙන ප්‍රේරිතයෙක් වන පාවුල් නම් මා විසින්ද,


නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමතිලෙස එකිනෙකාට වෙන වෙනම බෙදාදෙමින්, මේ සියල්ල කරවනසේක.


ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය.


ඒ පුත්‍රයාණන්වහන්සේ මාංසාකාරයෙන් දාවිත්ගේ වංශයෙන් ඉපිද, ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශකරනු ලැබූසේක.


දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටීමට කැඳවනු ලැබුවාවූ පාවුල් සහ අපේ සහෝදරවූ සොස්තෙනස් විසින්,


එහෙයින් උන්වහන්සේ කියනසේක්: මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරි බව නුඹලාට කීවෙමියි කීසේක.


බොහෝ දෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: සැබවින් යොහන් කිසි ආශ්චර්යයක් කළේ නැත. නුමුත් මුන්වහන්සේ ගැන යොහන් කී සියල්ලම සැබෑයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්