Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 3:13 - Sinhala Revised Old Version

13 ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 ස්වර්ගයෙන් බැස්සාවූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැඟුනේ නැත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 3:13
24 හුවමාරු යොමු  

ස්වර්ගයට නැගී බැස ආවේ කවුද? තමාගේ මිටෙහි සුළඟ අඩංගුකරගත්තේ කවුද? වතුර තමාගේ සළුවෙහි බැඳගත්තේ කවුද? පොළොවේ සියලු සීමා පිහිටෙවුවේ කවුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම මොකද? දන්නෙහිනම් කියන්න.


මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය.


මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක්


කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.


පළමුවෙනි මනුෂ්‍යයා භූමියෙන්ය, භූමිකය. දෙවෙනි මනුෂ්‍යයා ස්වර්ගයෙන්ය.


රාත්‍රිකෑම කද්දී, උන්වහන්සේ පියාණන්වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන්වහන්සේ වෙතින් ආ බවද දෙවියන්වහන්සේ ළඟට යන බවද දැන,


නුමුත් ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකම කථාකොට,–ක්‍රිස්තුස්වහන්සේව බස්සවාගන්න පිණිස–‘ස්වර්ගයට නගින්නේ කවුද කියාවත්,–


මේක නුඹලාට බාධාවක්ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද?


ඉහළින් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ට වඩා උතුම්ය. භූමියෙන් වූ තැනැත්තේ භූමිකව, භූමික දේ ගැන කථාකරන්නේය. ස්වර්ගයෙන් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය.


එසේවී නුමුත් දෙවියන්වහන්සේ වෙතින් ආ තැනැත්තා මිස අන් කිසිවෙක් පියාණන්වහන්සේ නුදුටුවේය, ඔහු වනාහි පියාණන්වහන්සේ දුටුවේය.


මොහු යෝසෙප්ගේ පුත්‍රවූ යේසුස් නොවේද? අපි මොහුගේ මවුපියන් අඳුනමුව; මම ස්වර්ගයෙන් බැස්සෙමියි මොහු දැන් කියන්නේ කොහොමදැයි කීවෝය.


අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ.


දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව.


යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේ නුඹලාගේ පියාණෝ නම් නුඹලා මට ප්‍රේමකරන්නහුය. මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි; මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන්වහන්සේ මා එවුසේක.


ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයයි කීසේක.


මක්නිසාද දෙවියන්වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීසේක.


දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණකරන තැනන්වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරයය.


යේසුස්වහන්සේද: සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක.


මා නුඹලාට පොළොවේ දේ කී කල්හි නුඹලා විශ්වාස නොකරනවා නම් ස්වර්ගීක දේ කීවොත් විශ්වාස කරන්නේ කෙසේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්