Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 20:9 - Sinhala Revised Old Version

9 මක්නිසාද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටින්ට ඕනෑයයි ලියනලද ලියවිල්ල ඒතාක්කල් ඔව්හු නොදැන සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිය යුතු බවට වූ ශුද්ධ ලියවිල්ල ඒ වන තුරුත් ඔවුන් වටහා ගෙන සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 20:9
22 හුවමාරු යොමු  

මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරිනසේක; ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙනසේක.


උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.‍


ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.


උන්වහන්සේ තැන්පත්කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට තුන්වෙනිදා උන්වහන්සේ නැගුටුවනු ලැබූ බවත්,


ක්‍රිස්තුස්වහන්සේ ඒ දේ විඳලාම ස්වකීය මහිමයට පැමිණෙන්ට යුතුව තිබුණා නොවේද කියා,


යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය.


මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද? පසුතැවිල්ල මාගේ ඇස්වලින් සැඟවී තිබෙයි.


එබැවින් උන්වහන්සේ මේක කී බව යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු උන්වහන්සේගේ ගෝලයෝ සිහිකර, ලියවිල්ලද උන්වහන්සේ කී වචනයද විශ්වාසකළෝය.


නුමුත් ඔවුන්ට ඒ කීම තේරුණේ නැත. ඒක ඔවුන්ට නොහැඟෙන ලෙස සැඟවී තිබුණේය. ඔව්හු ඒ කීම ගැන උන්වහන්සේගෙන් අසන්ට භයවූවෝය.


මාගේ සවිය කැබිලිත්තක් මෙන් වියළී තිබේ; මාගේ දිවද තල්ලේ ඇලෙයි; ඔබ මා මරණ ධූලියට ගෙනාසේක.


නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.


ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය කියාද, නුඹලාට මා විසින් ප්‍රකාශකරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේය කියාද පෙන්වා ප්‍රකාශකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්