Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 19:40 - Sinhala Revised Old Version

40 ඔව්හු යේසුස්වහන්සේගේ ශරීරය රැගෙන, යුදෙව්වරුන් තැන්පත් කරන සිරිත ලෙස, සුවඳ බඩු සමඟ සිහින් හණරෙදිවලින් එය වෙළූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

40 ඔවුහු යුදෙව්වන්ගේ භූමදාන චාරිත්‍ර ලෙස සුවඳ ද්‍රව්‍ය සමඟ සිහින් හණ රෙදිවලින් යේසුස්වහන්සේගේ දේහය ඔතා සූදානම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 19:40
9 හුවමාරු යොමු  

මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.


තරුණයෝ නැගිට ඔහු ඔතා, පිටතට ගෙනගොස් වැළලුවෝය.


නුමුත් පේතෘස් නැගිට සොහොන් ගෙය ළඟට දුවගන ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙන බව දැක, සිද්ධවූ කාරණාව ගැන පුදුමවෙමින් සිය නිවෙසට ගියේය.


ඈ මේ තෙල මාගේ ශරීරයේ වත්කළේ මා තැන්පත්කිරීමට සූදානම් කරන පිණිසය.


පසුව යෝසෙප් තමාගේ පියාගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකරන්ට තමාගේ මෙහෙකරුවූ වෙදුන්ට අණකෙළේය. ඒ හැටියට වෙද්දු ඉශ්‍රායෙල්ගේ මිනියට සුවඳ ද්‍රව්‍ය ගල්වා තැබූය.


ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගන තිබුණු ඔහුගේම සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය, යළිත් තෛල මිශ්‍රකරන්නාගේ ශාස්ත්‍රය ලෙස පිළියෙළකළ නොයෙක් ආකාර සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූහ. ඔව්හු ඔහු උදෙසා ඉතා මහත් ගිනිමැලයක් දැල්වුවෝය.


ඈට පුළුවන් දේ ඈ කළාය. භූමදානය පිණිස ඈ කල් ඇතුව මාගේ ශරීරය ආලේපකළාය.


එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: මා තැන්පත්කරන දවසට මේ තෙල තබාගන්ට ඈට ඉඩ හරින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්