Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 19:23 - Sinhala Revised Old Version

23 හේවායෝ යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගැසුවායින් පසු, උන්වහන්සේගේ වස්ත්‍ර රැගෙන, එක හේවායෙකුට එක කොටස බැගින් සතර කොටසක් කළෝය; උන්වහන්සේගේ සළුවද ගත්තෝය. ඒ සළුව වනාහි නොමහා උඩ පටන් මුළුල්ලම වියලා තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්‍ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු හේවායෝ, උන්වහන්සේගේ පිට ඇඳුම් ගෙන, එක් කෙනකුට කොටසක් වශයෙන් සතර කොටසකට බෙදා ගත්හ. ඔවුහු උන්වහන්සේගේ කබාය ද ගත්හ. එම කබාය ඉහළ සිට පහළට මුළුමනින් එකම කඩක්ව වියන ලද්දකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්‍ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 19:23
6 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්‍ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය.


ඔව්හු උන්වහන්සේ කුරුසියෙහි ඇණගසා, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදාගනිමින්, එක එකාට කුමක් ලැබේදෝ කියා ඒවා ගැන දාදු දැමුවෝය.


උන්වහන්සේ කුරුසියෙහි ඇණගැසූ පසු ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් දාදුදමා බෙදාගත්තෝය.


ඔහු අල්ලා හිරගෙයි තබා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට පිටත ගෙනෙන්ට සිතා, හේවායින් සතර දෙනෙකු බැගින් ඇති කාණ්ඩ සතරකට ඔහු රැකවල්කරන්ට භාරදුන්නේය.


ඒකේ මැද ඉස දැමීමට සිදුරක් තිබිය යුතුය. ඒක නොඉරෙන පිණිස සන්නාහයක සිදුර මෙන් ඒ සිදුර වට වියනලද වාටියක් විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්