Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 19:20 - Sinhala Revised Old Version

20 යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලැබූ ස්ථානය නුවරට සමීපවූ බැවින්, යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් එය කියෙවුවෝය. හෙබ්‍රෙව් ලතින් ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානය නුවරට සමීප වූ බැවින්, ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්, එය කියෙව්වෝ ය. හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 යේසුස්වහන්සේ කුරුසිපත් කරන ලද ස්ථානය නගරාසන්නයේ වූ බැවින් හා එය හෙබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් යන තෙබසින්ම ලියා තිබූ බැවින් එම නාම පුවරුව යුදෙව්වන් බොහෝ දෙනෙක් කියවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානය නුවරට සමීප වූ බැවින්, ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්, එය කියෙව්වෝ ය. හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 19:20
11 හුවමාරු යොමු  

ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස්කළෝය.


අප සියල්ලෝම බිම වැටුණු කල: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාද? කෙවිටට පයින් ගැසීම නුඹට අන්තරාදායකයයි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන්නාවූ ශබ්දයක් ඇසීමි.


ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් තමුන්ට කථාකරන බව ඇසූ විට ඔව්හු වඩාම නිශ්ශබ්දව සිටියෝය. ඔහු කථාකොට:


ඔහු අවසරදුන් කල, පාවුල් පඩිපෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥාකෙළේය; මහත් නිශ්ශබ්දයක් වූ කල ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කථාකරමින්–


පාවුල් කොටුව ඇතුළට ගෙනයනු ලබද්දී: ඔබට වචනයක් කියන්ට මට අවසර ඇද්දැයි ඔහු අධිපතියාගෙන් ඇසුවේය. එවිට ඔහු: නුඹට ග්‍රීක් භාෂාව පුළුවන්ද?


එබැවින් පිලාත් ඒ බස් අසා, යේසුස්වහන්සේ පිටතට ගෙනැවිත්, හෙබ්‍රෙව් භාෂාවෙන් ගබ්බතායයි කියන ගල් අතුළ ස්ථානයෙහි නඩු ආසනයේ හිඳගත්තේය.


යෙරුසලමෙහි බැටළුදොර ළඟ හෙබ්‍රෙව් භාෂාවෙන් බෙතෙස්දා නම්වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබේ.


පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දෝන්ය, ග්‍රීක් භාෂාවෙන් අපොල්ලියොන් යන නම ඔහුට ඇත්තේය.


එහෙයින් යේසුස්වහන්සෙත් තමන්ගේම ලෙයින් සෙනඟ පිරිසිදුකරන පිණිස දොරටුවෙන් පිටතදී වධවින්දසේක.


යුදෙව්වරුන්ගේ රජ මොහුය කියා ලියවිල්ලක් උන්වහන්සේට උඩින් තබා තිබුණේය.


ඒ සොහොන්ගෙය ළඟ තිබුණු බැවින්, යුදෙව්වරුන්ගේ සූදානම්වීමේ දවස නිසා, ඔව්හු යේසුස්වහන්සේව එහි තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්