Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 19:10 - Sinhala Revised Old Version

10 නුඹ මට කථාකරන්නේ නැද්ද? නුඹ මුදාහරින්ට බලයද නුඹ කුරුසියෙහි ඇණගසන්ට බලයද මට ඇති බව නුඹ දන්නේ නැද්දැයි පිලාත් උන්වහන්සේට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එබැවින් පිලාත් කතා කොට, “ඔබ මට පිළිතුරක් නොදෙන්නෙහි ද? ඔබ නිදහස් කර හරින්නට හෝ කුරුසියේ ඇණ ගසන්නට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 පිලාත් උන්වහන්සේ අමතමින්, “මට ඔබ උත්තර දෙන්නේ නැද්ද? ඔබ නිදහස් කරන්නටත්, කුරුසිපත් කරන්නටත් මට බලය තිබෙන බව දන්නේ නැද්දැ?” යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එබැවින් පිලාත් කතා කොට, “ඔබ මට පිළිතුරක් නොදෙන්නෙහි ද? ඔබ නිදහස් කර හරින්නට හෝ කුරුසියේ ඇණ ගසන්නට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 19:10
5 හුවමාරු යොමු  

නුමුත් පාස්කුවේදී මා විසින් නුඹලාට එක්කෙනෙකු නිදහස්කර හරින සිරිතක් නුඹලාට තිබේ. එහෙයින් යුදෙව්වරුන්ගේ රජ මා විසින් නුඹලාට නිදහස්කර හරිනවාට නුඹලා කැමතිහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.


උන්වහන්සේ ඔහුට දුන් මහන්තත්වය නිසා සියලු ජනයෝද ජාතීහුද භාෂාවෝද ඔහු ඉදිරියෙහි වෙවුලා භයවූවෝය. ඔහු, කැමැති කෙනෙකු මැරීය, කැමැති කෙනෙකු ඉතුරුකෙළේය; ඔහු කැමැති කෙනෙකු උසස්කෙළේය, කැමැති කෙනෙකු පහත්කෙළේය.


නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව: නුඹ කොතැනින්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය. නුමුත් යේසුස්වහන්සේ ඔහුට කිසි උත්තරයක් නුදුන්සේක.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්