Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 16:23 - Sinhala Revised Old Version

23 ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “ඒ දවසේ දී ඔබ කිසි ප්‍රශ්නයක් මාගෙන් අසන්නේ නැත. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ ඒ දේ ඔබට දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 එදාට ඔබ මගෙන් කිසිවක් අසන්නේ නැත. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ නාමයෙන් මගේ පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ එය ඔබට දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “ඒ දවසේ දී ඔබ කිසි ප්‍රශ්නයක් මාගෙන් අසන්නේ නැත. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ ඒ දේ ඔබට දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 16:23
22 හුවමාරු යොමු  

නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.


තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල නුඹලාට ලැබේයයි ඔවුන්ට කීසේක.


ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.


ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.


ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නහුය. නුඹලා උදෙසා පියාණන්වහන්සේට යාච්ඤාකරන්නෙමියි නොකියමි;


ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය.


මක්නිසාද උන්වහන්සේ කරණකොටගෙන අප දොගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුළ පියාණන්වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ.


මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.


තෝමස්ද: ස්වාමිනි, ඔබ කොතැනට යනසේක්දැයි අපි නොදනිමුව; මාර්ගය දන්නේ කොහොමදැයි උන්වහන්සේට කීවේය.


තමන්ගෙන් අසන්ට ඔවුන් කැමති බව යේසුස්වහන්සේ දැන, ඔවුන්ට කියනසේක්: ස්වල්ප වේලාවකින් නුඹලා මා නොදක්නහුය, නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නහුයයි මා කී කාරණය ගැන නුඹලා එකිනෙකා විචාරවුද?


ඔබ සියල්ල දන්නා බවද කිසිවෙකු විසින් ඔබගෙන් විචාරන්ට ඕනෑ නැති බවද දැන් අපි දනිමුව. ඔබ දෙවියන්වහන්සේ වෙතින් ආ බව අපි මෙයින් විශ්වාසකරමුයයි කීවෝය.


ඉස්කාරියොත් නොවන යූදස් උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔබ ලෝකයාට ප්‍රකාශ නොවී අපට ප්‍රකාශවන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්