Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 16:17 - Sinhala Revised Old Version

17 එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරෙක් ඔවුනොවුන් කථාකොට: ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නේ නැත කියාත්, තව ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇත කියාත්, මා පියාණන්වහන්සේ ළඟට යන නිසාය කියාත් මුන්වහන්සේ අපට කියන මේ දේ කිමෙක්දැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය,’ කියා ද එයට හේතුව ‘මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය’ කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 එවිට උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇතමෙක් එකිනෙකා අමතමින්, “ ‘තව ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කියාත්, ‘මා පියාණන්වහන්සේ වෙත යන නිසා ය’ කියාත් අපට මෙතුමන් කියන කියමනේ තේරුම කුමක් දැ?” යි පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය,’ කියා ද එයට හේතුව ‘මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය’ කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 16:17
12 හුවමාරු යොමු  

ස්වල්ප වේලාවකින් නුඹලා මා තවත් දකින්නේ නැත; නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇතැයි කීසේක.


නුමුත් දැන් මා එවූ තැනන්වහන්සේ ළඟට යමි; කොතැනට යනසේක්දැයි නුඹලාගෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත.


නුමුත් ඒ කීම ඔවුන්ට තේරුණේ නැත, උන්වහන්සේගෙන් අසන්ටද ඔව්හු භය වූවෝය.


තමන්ගෙන් අසන්ට ඔවුන් කැමති බව යේසුස්වහන්සේ දැන, ඔවුන්ට කියනසේක්: ස්වල්ප වේලාවකින් නුඹලා මා නොදක්නහුය, නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නහුයයි මා කී කාරණය ගැන නුඹලා එකිනෙකා විචාරවුද?


තෝමස්ද: ස්වාමිනි, ඔබ කොතැනට යනසේක්දැයි අපි නොදනිමුව; මාර්ගය දන්නේ කොහොමදැයි උන්වහන්සේට කීවේය.


උන්වහන්සේගේ ගෝලයෝ ඒ කාරණා පළමුවෙන් තේරුම් නොගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ මහිමයට පැමිණිකල උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔව්හු සිහිකළෝය.


මේ දේවලින් කිසිවක් ඔව්හු තේරුම් නොගත්තෝය. කී දේ ඔවුන්ට නොතේරී, මේ කීම ඔවුන්ගෙන් සැඟවී තිබුණේය.


මළවුන්ගෙන් නැගිටීම නම් කුමක්දැයි ඔව්හු ඔවුනොවුන් විචාරමින් ඒ කීම ධාරණයකරගත්තෝය.


නුඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි.


ඉස්කාරියොත් නොවන යූදස් උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔබ ලෝකයාට ප්‍රකාශ නොවී අපට ප්‍රකාශවන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේට කීවේය.


නුමුත් ඔවුන්ට ඒ කීම තේරුණේ නැත. ඒක ඔවුන්ට නොහැඟෙන ලෙස සැඟවී තිබුණේය. ඔව්හු ඒ කීම ගැන උන්වහන්සේගෙන් අසන්ට භයවූවෝය.


එබැවින් ඔව්හු කථාකොට: ස්වල්ප වේලාවකැයි උන්වහන්සේ කියන මේක මොකක්ද? උන්වහන්සේ කියන්නේ කුමක්ද කියා අපි නොදනිමුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්