Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 13:5 - Sinhala Revised Old Version

5 ඉන්පසු උන්වහන්සේ භාජනයට වතුර වත්කොට ගෝලයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඟටියේ බැඳගත් රෙදිකඩින් පිසදමන්ටත් පටන්ගත්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 ඉන්පසු බඳුනකට ජලය වත්කර, තම ගෝලයින්ගේ පා සෝදමින්, ඉඟ බැඳි තුවායෙන් පිසදමන්නට වන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 13:5
30 හුවමාරු යොමු  

ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කථාකොට: මේ ස්ත්‍රිය නුඹට පෙනෙනවාද? මම නුඹේ ගෙදරට ඇතුල්වුණෙමි, නුඹ මාගේ පාද සෝදන්ට වතුර දුන්නේ නැත. නුමුත් මෑ තමාගේ කඳුළෙන් මාගේ පාද තෙමා, ඇගේ හිසකේවලින් ඒවා පිසදැමුවාය.


මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.


තවද ඔහු: බැලුව මැනවි, මාගේ ස්වාමිවරුනි, නුඹවහන්සේලාගේ මෙහෙකරුවාගේ ගෙදරට ඇවිත් මුළු රෑ නැවතී සිට පාද සෝදාගතමැනවි, අලුයම් වේලෙහි නැගිට නුඹවහන්සේලාගේ ගමන යත හැකියයි කීවේය. ඔව්හුද: නැත; මුළු රෑ වීථියේ නවතින්නෙමුයයි කීවෝය.


යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.


පැන් ටිකක් ගෙනෙන්ට ඉඩ දී ඔබවහන්සේලාගේ පාද සෝදා, ගස යට පහසුගත මැනව.


මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.


නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.


එසේ කළේ සභාව ශුද්ධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව,


නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.


ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමන්නැයි කීවේය.


නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.


ඈද නැගිට මුහුණින් බිමට නැමී: ඔබගේ දාසී මාගේ ස්වාමියාගේ සේවකයන්ගේ පාද සෝදන්ට දාසියකැයි කීවාය.


පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.


වතුර සහ ලේ කරණකොටගෙන ආ තැනන්වහන්සේ නම් මුන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය; වතුරෙන් පමණක් නොව වතුරෙන් සහ ලෙයින්ය.


නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.


එසේ වුවත්, හේවායින්ගෙන් එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇළයට ඇන්නේය, එකෙණෙහිම ලේත් වතුරත් නික්මුණේය.


උන්වහන්සේගේ පාද ළඟ පිටිපසින් හඬ හඬා සිට, උන්වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඒවා ඇගේ හිසකේවලින් පිසදමා, උන්වහන්සේගේ පාද සිඹ සිඹ, ඒ සුවඳ තෙල් ගෑවාය.


ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.


නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.


විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,


නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට කැඳවාගෙන ඔවුන් වතුරෙන් නාවන්න.


යේසුස්වහන්සේද: නෑවාවු තැනැත්තේ මුළුමනින්ම පවිත්‍ර බැවින් ඔහුට ඕනෑකරන්නේ පාද සේදීම පමණක්ය. නුඹලා පවිත්‍රය, නුමුත් සියල්ලෝම නොවේයයි ඔහුට කීසේක.


ඔබවහන්සේට කිසිකලක මාගේ පාද සෝදන්ට නොදෙමියි පේතෘස් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට නැතැයි ඔහුට කීසේක.


ඒ මනුෂ්‍යයා ඔවුන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගොස් ඔවුන්ට වතුර දුන්නේය, ඔව්හු පාද සෝදාගත්තෝය; ඔහු ඔවුන්ගේ කොටළුවන්ටත් ගොදුරු දුන්නේය.


එවිට ඔහු තමාගේ ගෙදරට ඔවුන් කැඳවාගන ගොස් කොටළුවන්ට ගෝචර දුන්නේය. ඔව්හු තමුන්ගේ පාද සෝදාගෙන කෑවෝය, බීවෝය.


උන්වහන්සේ සීමොන් පේතෘස් ළඟට ආසේක. ඔහු: ස්වාමීනි, ඔබ මාගේ පාද සෝදනසේක්දැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්