Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 13:20 - Sinhala Revised Old Version

20 සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා විසින් එවනලද කවරෙකු නුමුත් පිළිගන්නා මා පිළිගන්නේය; මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේව පිළිගන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මවිසින් එවන කවරකු හෝ පිළිගන්නා, මා පිළිගනියි; මා පිළිගන්නා, මා එවූ තැනැන්වහන්සේ පිළිගනී යැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 13:20
9 හුවමාරු යොමු  

එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.


මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවු කවරෙක් නුමුත් මා පිළිගන්නේය. මා පිළිගන්න කවරෙක් නුමුත් මා පිළිගන්නවා නොව මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේයයි ඔවුන්ට කීසේක.


නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.


යමෙක් මාගේ නාමයෙන් මේ කුඩා ළමයා පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. යමෙක් මා පිළිගන්නේද ඔහු මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය. කුමක් හෙයින්ද නුඹලා සියල්ලන් අතරෙහි ඉතා කුඩා අයම උතුම්යයි ඔවුන්ට කීසේක.


මාගේ මාංසය සම්බන්ධයෙන් නුඹලාට පරීක්ෂාවක්ව තිබුණු දේ නුඹලා සුළුකළේවත් එපාකළේවත් නැතුව, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ද, එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මෙන්ද මා පිළිගත් බව නුඹලා දන්නහුය.


එබැවින් නුඹලා ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,


එබැවින් එපාකරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්