Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 12:46 - Sinhala Revised Old Version

46 මා කෙරෙහි අදහාගන්න කවරෙක් නුමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 මා ලෝකයට ආලෝකයක් ව වැඩියේ මා අදහන කවරෙකු නමුදු අන්ධකාරයෙහි නොවසන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

46 මා ලෝකයට ආලෝකයව ආවේ, මා තුළ විශ්වාස කරන කිසිවකුත් අන්ධකාරයේ නො සිටින පිණිසයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 මා ලෝකයට ආලෝකයක් ව වැඩියේ මා අදහන කවරෙකු නමුදු අන්ධකාරයෙහි නොවසන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 12:46
19 හුවමාරු යොමු  

එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.


මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමඟය. ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමුව.


මා ලෝකයෙහි සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමියි කීසේක.


ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි කීසේක.


එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.


විනිශ්චය නම් මේය–ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය.


ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝකකරන්නාවූ ආලෝකය සත්‍යවූ ආලෝකයය.


අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.


එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.


ගැළවීම මාගේ ඇස්වලින් දුටිමියි කීවේය.


නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.


මම කඳු සහ හෙල් පාළුකර, ඒවායේ සියලු පලාජාති වියළවන්නෙමි, ගංගා ගොඩකර, පොකුණු හින්දවන්නෙමි.


යේසුස්වහන්සේ කථාකොට: ඇස් නොපෙනෙනවුන්ට පෙනෙන පිණිසද ඇස් පෙනෙනවුන් අන්ධවෙන පිණිසද විනිශ්චය සඳහා මේ ලෝකයට ආවෙමියි කීසේක.


මාගේ සෙනඟ සනසන්න, සනසන්නැයි නුඹලාගේ දෙවියන්වහන්සේ වදාරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්