Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 12:1 - Sinhala Revised Old Version

1 යේසුස්වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියාට ආසේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටෙවුවාවූ ලාසරුස් එහි සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානියට වැඩම කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 පාස්කු මංගල්‍යයට හය දවසකට කලින් යේසුස්වහන්සේ බෙතානියට පැමිණි සේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවන ලද ලාසරස් සිටියේ එහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානියට වැඩම කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 12:1
13 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකළසේක.


මංගල්‍යයේදී නමස්කාරකරන පිණිස පැමිණියවුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය.


එකල යුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළංව තිබුණේය. බොහෝ දෙනෙක් තමුන්ම පවිත්‍රකර ගන්නා පිණිස පාස්කු මංගල්‍යයට පළමුවෙන් පිට පළාත්වලින් නික්ම යෙරුසලමට ගියෝය.


මරියාගේද ඇගේ සහෝදරීවූ මාර්තාගේද ගමවූ බෙතානියෙහි ලාසරුස් නම් එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේය.‍


උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක.


මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.


උන්වහන්සේද යෙරුසලමට පැමිණ, දේවමාළිගාවට ඇතුල්ව, අවට සියල්ල බලා, සවස්වී තිබුණු බැවින් දොළොස්දෙනා සමඟ බෙතානියට පිටත්ව ගියසේක.


ඒ නුවර සිටි පව්කාර ස්ත්‍රියෙක් උන්වහන්සේ ඵරිසියාගේ ගෙයි කෑමට ඉඳගන හුන් බව දැන, සුවඳ තෙලින් පිරූ සුදුගල් කරඬුවක් ගෙනැවිත්,


උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක.


එකල යුදෙව්වරුන්ගෙන් මහත් සමූහයක් උන්වහන්සේ එහි සිටිනසේකැයි දැන, යේසුස්වහන්සේ නිසා පමණක් නොව උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද ලාසරුස් දකින පිණිස ආවෝය.


පසුවදා මංගල්‍යයට ඇවිත් සිටිය මහත් සමූහයක් යේසුස්වහන්සේ යෙරුසලමට එන සේකැයි අසා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්