Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 11:44 - Sinhala Revised Old Version

44 මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය. “මොහුගේ බැමි ලිහා, යන්නට හරින්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

44 මැරී සිටි මිනිසා පිටතට ආවේ ය. ඔහුගේ අත්, පා හණ රෙදි පටිවලින් වෙළා තිබුණු අතර, මුහුණ රෙදි කඩකින් ඔතා තිබිණි. “ඔය බැමි මුදා ඔහු යන්න හරින්නැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය. “මොහුගේ බැමි ලිහා, යන්නට හරින්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 11:44
20 හුවමාරු යොමු  

සැබවක් සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය.


හණරෙදි තිබෙන බවත්, උන්වහන්සේගේ හිසේ තිබුණු රෙදිකඩ හණරෙදි සමඟ නැතුව වෙනම එක්තැනක අකුළා තබා තිබෙන බවත් දුටුවේය.


සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.


මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක.


මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය.


එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු භාරදුන්සේක.


ස්වාමීන්වහන්සේ නසන සේක, ජීවත්කරන සේක. මිනීවළට පමුණුවනසේක, එයින් නැගුටුවන සේක.


දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.


ජීවමානවූ තැනැත්තාය; මම මැරුණෙමි, නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය.


ඔව්හු යේසුස්වහන්සේගේ ශරීරය රැගෙන, යුදෙව්වරුන් තැන්පත් කරන සිරිත ලෙස, සුවඳ බඩු සමඟ සිහින් හණරෙදිවලින් එය වෙළූහ.


උන්වහන්සේ මෙය කිසිවෙකු දැන නොගන්නා ලෙස ඔවුන්ට තදින් අණකොට, ඈට කෑම දෙන්ට කීසේක.


මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද? පසුතැවිල්ල මාගේ ඇස්වලින් සැඟවී තිබෙයි.


මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය.


නැමී බලා, සිහින් හණරෙදි එහි තිබෙනවා දුටුවේය; නුමුත් ඇතුළට ගියේ නැත.


ගල අහක්කරන්නැයි යේසුස්වහන්සේ කීසේක. මළ තැනැත්තාගේ සහෝදරීවූ මාර්තා: ස්වාමීනි, ඔහු මැරී සතර දවසක් වන බැවින් දැන් ගඳ ඇතැයි කීවාය.


තවත් එක්කෙනෙක් ඇවිත්: ස්වාමීනි, මෙන්න, ඔබගේ පවුම! එය රෙදිකඩක ඔතා තැබීමි.


උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්