Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 11:43 - Sinhala Revised Old Version

43 උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 උන් වහන්සේ මෙසේ කියා, “ලාසරස් පිටතට එන්නැ”යි මහ හඬින් වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

43 උන්වහන්සේ එසේ පවසා, “ලාසරස්! පිටතට එනු” යි උස් හඬින් හඬ ගැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 උන් වහන්සේ මෙසේ කියා, “ලාසරස් පිටතට එන්නැ”යි මහ හඬින් වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 11:43
12 හුවමාරු යොමු  

නුමුත් පේතෘස් ඔවුන් සියල්ලන් බැහැරකොට, දණින් හිඳ, යාච්ඤාකර, පසුව මිනිය දෙසට හැරී: තබීතා, නැගිටින්නැයි කීවේය. එවිට ඈ ඇස් ඇර, පේතෘස් දැක හිඳගත්තාය.


පේතෘස් ඔහුට කථාකොට: අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹ සුවකරනසේක. නැගිට, නුඹේ ඇඳ සකස්කරන්නැයි කීවේය. එකෙණෙහිම ඔහු නැගිට්ටේය.


පේතෘස් ඒ දැක සෙනඟට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුමවන්නේ මක්නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්තකමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලැස්සුවාක්මෙන් අප දෙස ඇස් හෙළා සිටින්නේ මක්නිසාද?


පේතෘස්ද: රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදින්නැයි කියා,


ඔව්හු ඉතා යහපත්වී: සුළඟ සහ මුහුද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක්දැයි එකිනෙකා කථාකරගත්තෝය.


ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නුමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බව අවට සිටින්නාවූ සමූහයා විශ්වාසකරන පිණිස ඔවුන් නිසායයි කීසේක.


මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.


යේසුස්වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියාට ආසේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටෙවුවාවූ ලාසරුස් එහි සිටියේය.


එකල යුදෙව්වරුන්ගෙන් මහත් සමූහයක් උන්වහන්සේ එහි සිටිනසේකැයි දැන, යේසුස්වහන්සේ නිසා පමණක් නොව උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද ලාසරුස් දකින පිණිස ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්