Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 11:24 - Sinhala Revised Old Version

24 අන්තිම දවසේ නැවත–නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමියි මාර්තා උන්වහන්සේට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මාර්තා පිළිතුරු දෙමින්, “අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 “අවසාන දවසේ නැවත නැගිටීමේදී ඔහු නැවත නැගිටින වග මා දන්නවා” යි මාර්තා උත්තර දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මාර්තා පිළිතුරු දෙමින්, “අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 11:24
18 හුවමාරු යොමු  

ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි මොවුන් බලා සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.


ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.


නුඹට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් නුඹට ආශීර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී නුඹට ප්‍රතිඵල ලැබෙන්නේයයි කීසේක.


මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද? පසුතැවිල්ල මාගේ ඇස්වලින් සැඟවී තිබෙයි.


දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.


මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි.


උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.‍


ස්ත්‍රීහු නැවත–නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත–නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළි නොගෙන වධකරනු ලැබුවෝය.


මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලෙන් කිසිවක් නැතිවෙන්ට නෑර මා විසින් අන්තිම දවසේදී එය නැගුටුවීමය.


මක්නිසාද මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නම්, පුත්‍රයාණන් බලා, ඔහු කෙරෙහි අදහන්නාවූ සැමදෙනම සදාකාල ජීවනය ලැබීමය; මමද අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමියි කීසේක.‍


නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේයයි යේසුස්වහන්සේ ඈට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්