Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 10:21 - Sinhala Revised Old Version

21 අන් සමහරෙක්: මේවා යක්ෂාවේශවූ කෙනෙකුගේ කීම් නොවෙයි. අන්ධයන්ගේ ඇස් පහදන්ට යක්ෂයෙකුට පුළුවන්දැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 “මේවා දුෂ්ටාත්මාවේශ වූවකුගේ කීම් නොවේ; අන්ධයන්ගේ ඇස් පහදන්නට දුෂ්ටාත්මයකට පුළුවන් දැ”යි සෙසු අය කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 සෙසු අය, “මේවා යක්ෂාවේශ කෙනකු කියන වචන නො වේ; අන්ධයින්ගේ ඇස් අරවන්නට යක්ෂාත්මයකට පුළුවන් දැ?” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 “මේවා දුෂ්ටාත්මාවේශ වූවකුගේ කීම් නොවේ; අන්ධයන්ගේ ඇස් පහදන්නට දුෂ්ටාත්මයකට පුළුවන් දැ”යි සෙසු අය කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 10:21
11 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද?


අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.


කන පිහිටෙවු තැනන්වහන්සේට නොඇසෙන්නේද? ඇස සෑදූ තැනන්වහන්සේට නොපෙනෙන්නේද?


උන්වහන්සේ මෙසේ කියා බිමට කෙළ ගසා, එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා:


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


අසන කනද දකින ඇසද යන දෙකම ස්වාමීන්වහන්සේ සෑදූසේක.


ස්වාමීන්වහන්සේ අන්ධයන්ගේ ඇස් පහදනසේක; ස්වාමීන්වහන්සේ නැමී ගියවුන් කෙළින් සිටුවනසේක; ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට ප්‍රේමකරනසේක;


එවිට මායාකාරයෝ: මේක දෙවියන්වහන්සේගේ ඇඟිල්ලයයි ඵාරාවෝට කීවෝය. ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට කන් නුදුන්නේය.


කැපකිරීමේ මංගල්‍යය යෙරුසලමේ විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්