Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 1:22 - Sinhala Revised Old Version

22 එබැවින් ඔව්හු කථාකොට: අප එවූවන්ට උත්තරදෙන පිණිස, නුඹ කවරෙක්ද? නුඹ ගැනම නුඹ කියන්නේ කිමෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 “එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 ඔවුහු යළි ප්‍රශ්න කරමින්, “එහෙනම් ඔබ කවුරු ද? අප එවූ අයට අප උත්තරයක් ගෙන යා යුතුයි; ඔබ කියන්නේ ඔබ කවුරුන් ය කියා දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 “එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 1:22
3 හුවමාරු යොමු  

ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට දන්වමින්: නුඹ කැමති කොයි එකටද? නුඹේ දේශයේ සත් අවුරුද්දක් සාගතය නුඹට පැමිණෙනවාටද? නොහොත් තුන් මාසයක් නුඹේ සතුරන් නුඹ පස්සේ එළවාගෙන එද්දී නුඹ ඔවුන් ඉදිරියෙන් පලායනවාටද? නොහොත් නුඹේ දේශයෙහි තුන්දවසකට වසංගතයක් පැමිණෙනවාටද? දැන් ඉතින් කල්පනාකර මා එවූ තැනන්වහන්සේට කෙබඳු උත්තරයක් මා විසින් දිය යුතුදැයි කල්පනාකර බලන්නැයි කීවේය.


ඔව්හුද: එසේ නම් මොකද? නුඹ එලියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගතවක්තෘදැයි ඇසූ කල, නැතැයි ඔහු උත්තරදුන්නේය.


ඔහුද: මම වනාහි අනාගතවක්තෘවූ යෙසායා කී හැටියට–ස්වාමීන්වහන්සේගේ මාර්ගය සමතලාකරන්නය කියා වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දය වෙමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්