Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 9:42 - Sinhala Revised Old Version

42 තවද මා කෙරේ අදහන මේ බාලයන්ගෙන් එකෙකුටවත් බාධාකරන්නෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට හොඳය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 “තවද, උන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යම් කෙනෙක් ඇද්ද, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළාදැමීම ඔහුට යහපත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

42 “තවද මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් කෙනකු පාපයට පොලඹවන කෙනෙක් වේ ද, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, මුහුදේ හෙළනු ලැබීම ඔහුට වඩාත් හොඳ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 “තවද, උන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යම් කෙනෙක් ඇද්ද, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළාදැමීම ඔහුට යහපත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 9:42
19 හුවමාරු යොමු  

නුමුත් මා කෙරෙහි අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන යමෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වීම ඔහුට යහපත.


මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න.


අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී,


සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.


එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.


ඔවුන්ගේ සල්ලාලකම් අනුව බොහෝ දෙනෙක් යනවා ඇත; ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙන්නේය.


ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය.


එබැවින් යෞවන වැන්දඹුවන් විවාහවී දරුවන් බිහිකරනවාටත් ගෙදර ආණ්ඩුකරනවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි.


උතුම්වූ දේවල් ඒත්තුගන්ට නුඹලාට පුළුවන්වෙන්ටත්, ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්ටත්,


උන්වහන්සේ ගැන ආරංචි නොලැබූ අය දකින්නෝය, උන්වහන්සේ ගැන නෑසූ අය තේරුම්ගන්නෝයයි ලියා තිබෙන ලෙස, ශුභාරංචිය දේශනාකරන්ට අභිප්‍රායකෙළෙමි.


නුමුත් අප විසින් ඔවුන්ට බාධා නොකරන පිණිස, නුඹ මුහුදට ගොස් බිළියක් බා, පළමුකොට අසුවෙන මත්ස්‍යයා ගන්න; උගේ කට හැරිය කල ෂෙකෙලයක් සම්බවන්නේය. ඒක ගෙන මා සහ නුඹ උදෙසා ඔවුන්ට දෙන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්