Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 9:25 - Sinhala Revised Old Version

25 සමූහයක් දුව එමින් රැස්වෙන බව යේසුස්වහන්සේ දුටු කල, උන්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකර: ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් පහව යව, තවත් මොහුට ආවේශ නොවන්ට ඔබට අණකරමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 සමූහයා එක්ව දුවගෙන එනු දුටු යේසුස්වහන්සේ, අපවිත්‍ර ආත්මයට තරවටු කරමින්, “ගොළු බිහිරි ආත්මය, මොහුගෙන් ඉවතට එනු; යළි කිසි දින ඔහුට ඇතුළු නො වනු කියා මම නුඹට අණ කරමි” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 9:25
17 හුවමාරු යොමු  

ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.


ඔහු එද්දීම යක්ෂයා ඔහු බිම හෙළා, ඔහුට බොහෝසේ පීඩාකෙළේය. නුමුත් යේසුස්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකොට, ළමයා සුවකර, ඔහු පියාට නැවත භාරදුන්සේක.


එකෙණෙහිම මුළු සමූහයා උන්වහන්සේ දුටු කල ඉතා විස්මිතව, ඉදිරියට දුවගොස් උන්වහන්සේට ආචාර කළෝය.


යේසුස්වහන්සේ ඔහුට තරවටුකළසේක; එවිට යක්ෂයා ඔහුගෙන් දුරුව ගියේය. ඒ පැයේ පටන් ළමයා සුවපත්විය.


නුමුත් අග්‍ර දේවදූතයාවූ මිකායෙල් යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වයි කීවේය.


උන්වහන්සේ ගොළු යක්ෂයෙකු දුරුකරමින් සිටිසේක. තවද යක්ෂයා දුරුවූ කල ගොළුවා කථාකෙළේය; සමූහයෝ පුදුමවූවෝය.


මක්නිසාද ඒ මනුෂ්‍යයාගෙන් දුරුවෙන්ට උන්වහන්සේ අශුද්ධාත්මයට අණකළසේක. අශුද්ධාත්මය වනාහි නොයෙක් වර ඔහු අල්ලාගත් බැවින්, දම්වැල්වලින්ද විලංගුවලින්ද බැඳ ඔහු රැකවල්කරනලද්දේය; ඔහු වනාහි බැඳුම් කඩාදැමුවේය, යක්ෂයා විසින් වනාන්තරවලට ඔහු එලවනලද්දේය.


යක්ෂයෝද: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා මහත් ශබ්ද පවත්වමින්, බොහෝ දෙනෙකුගෙන් දුරුවුණෝය. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔවුන් දැනගන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සැරකරමින් කථාකරන්ට ඉඩ නුදුන්සේක.


යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකර මොහුගෙන් පිටවෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙළා, ඔහුට හිංසාවක් නොකොට, ඔහුගෙන් පිටතට ආයේය.


ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: සාතන්, ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වා; එසේය, යෙරුසලම තෝරාගත් ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වා. මොහු ගින්නෙන් ඇදලාගත් පෙනෙල්ලක් නොවේදැයි කීසේක.


එවිට යක්ෂාවේශවූ අන්ධ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. උන්වහන්සේ ඔහුව සුවකළසේක, එහෙයින් ඒ ගොළුවාට කථාකරන්ටද දකින්ටද පුළුවන්විය.


එකෙණෙහිම දරුවාගේ පියා: මම විශ්වාසකරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනවයි මොරගසා කීවේය.


එවිට ආත්මය මොරගසා, බොහෝසේ ඔහු වෙවුලවමින්, පිටතට ආවේය. ඔහු මළ කෙනෙකු මෙන් විය; එබැවින් ඔහු මැරුණේයයි වැඩිදෙනා කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්