Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 9:10 - Sinhala Revised Old Version

10 මළවුන්ගෙන් නැගිටීම නම් කුමක්දැයි ඔව්හු ඔවුනොවුන් විචාරමින් ඒ කීම ධාරණයකරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත්, ඔව්හු, “මළවුන්ගෙන් උත්ථාන වීම යනු කුමක් දැ”යි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 ඒ කාරණය තමන් අතරේ පමණක් තබාගත් ඔවුහු, මළවුන්ගෙන් නැගිටීම යනු කුමක් විය හැකිදැයි ඔවුනොවුන් අතරේ ප්‍රශ්න කර ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත්, ඔව්හු, “මළවුන්ගෙන් උත්ථාන වීම යනු කුමක් දැ”යි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 9:10
15 හුවමාරු යොමු  

එපිකුරීය සහ ස්තෝයික පණ්ඩිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුණගැසුණෝය. සමහරෙක්ද: මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක්: ඔහු අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස්වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවින්ය.


උන්වහන්සේගේ ගෝලයෝ ඒ කාරණා පළමුවෙන් තේරුම් නොගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ මහිමයට පැමිණිකල උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔව්හු සිහිකළෝය.


නුමුත් ඒ කීම ඔවුන්ට තේරුණේ නැත, උන්වහන්සේගෙන් අසන්ටද ඔව්හු භය වූවෝය.


එවිට පේතෘස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්ට පටන්ගෙන: ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරුවේවා. ඔබට කිසිකලකත් එසේ සිද්ධ නොවන්නේයයි කීවේය.


ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යාකළෝය; නුමුත් ඔහුගේ පියා ඒ කීම සිතේ තබාගත්තේය.


ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු ඔවුන් දුටුදේ කාටවත් නොකියන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණකළසේක.


තවද ඔව්හු කථාකොට: එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ මක්නිසා කියද්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්