Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 8:36 - Sinhala Revised Old Version

36 මක්නිසාද යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 යමෙක් මුළු ලෝකය ම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

36 යමෙක් මුළු ලොවම දිනාගත් නමුදු තම ජීවිතය නැති කරගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 යමෙක් මුළු ලෝකය ම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 8:36
17 හුවමාරු යොමු  

යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?


මක්නිසාද ඔහු මැරෙන කල කිසිවක් ගෙන නොයන්නේය; ඔහුගේ ඉසුර ඔහු අනුව නොයන්නේය.


මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාම නැති කරගත්තොත් නොහොත් විනාශකර ගත්තොත් ඔහුට මොන ලාභයක්ද?


ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලජ්ජාව සිටිවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය.


නුඹලා කථාකොට: දෙවියන්වහන්සේට සේවයකිරීම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා, සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශෝකලෙස හැසුරුණායින් ඇති වාසිය මොකද?


සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.


මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේට ප්‍රයෝජනවිය හැකිද? සැබවින් නුවණ ඇති තැනැත්තේ තමාටම ප්‍රයෝජනවත්ව සිටියි.


මක්නිසාද තමාගේ ජීවිතය ගළවාගන්ට කැමති කවරෙකුට නුමුත් ඒක නැතිවන්නේය; මා නිසාද ශුභාරංචිය නිසාද තමාගේ ජීවිතය නැතිකරගන්න කවරෙක් නුමුත් එක් ගළවාගන්නේය.


නොහොත් මනුෂ්‍යයෙකුට තමාගේ ජීවිතය හිලව්වට මොකක් දෙන්ට පුළුවන්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්