Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 7:5 - Sinhala Revised Old Version

5 ඵරිසිවරුද ලියන්නෝද උන්වහන්සේට කථාකොට: ඔබගේ ගෝලයන් වැඩිමහල්ලන්ගේ නියෝග ලෙස නොහැසිර, අපවිත්‍රවූ අත්වලින් කෑම කන්නේ මක්නිසාදැයි ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, “ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 එහෙයින් පරිසිවරු හා දහම් පඬිවරු උන්වහන්සේ අමතමින්, “ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්‍රදායයන් අනුව නො පැවත, අපවිත්‍ර අත්වලින් අහර ගන්නේ ඇයි දැ?” යි ප්‍රශ්න කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, “ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 7:5
12 හුවමාරු යොමු  

තවද, සහෝදරයෙනි, අපෙන් ලැබූ නියෝග ප්‍රකාරයට නොව, අනියම් ලෙස හැසිරෙන්නාවූ සියලු සහෝදරයන්ගෙන් වෙන්ව සිටින මෙන් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපි නුඹලාට අණකරමුව.


නුඹ අන්‍යජාතීන් අතරේ සියලු යුදෙව්වරුන්ට, තමුන්ගේ දරුවන් චර්මඡේද්‍යකරන්ටවත් නියෝග පවත්වන්ටවත් එපාය කියමින් මෝසෙස් අත්හරින්ට උගන්වනවායයි නුඹ ගැන ඔවුන්ට දැනුම්දී තිබේ.


මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව සිටීමෙන්, මාගේ රටවැසියන් අතරේ මාගේ වයසේ බොහෝදෙනෙකුට වඩා යුදෙව්වරුන්ගේ ආගමේ වර්ධනයවුණෙමි.


ඔවුන් රැගෙන නුඹද ඔවුන් සමඟ පවිත්‍රව, ඔවුන්ගේ හිස් මුඩුකරන්ට වියදම දරන්න. එවිට නුඹ ගැන තමුන්ට ආරංචිවූ කාරණාවලින් එකක්වත් සැබෑ නොවන බවත් නුඹම ව්‍යවස්ථාව රක්ෂාකරමින් හැසිරෙන බවත් සියල්ලන්ම දැනගන්නවා ඇත.


ඔබගේ ගෝලයෝ වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග කඩකරන්නේ මක්නිසාද? ඔව්හු කෑම කන විට අත් නොසෝදා කතියි කීවෝය.


අපගේ පියවූ ආබ්‍රහම් අචර්මඡේදිතව සිටිය කල්හි ඔහුට තිබුණු ඇදහිල්ලේ අඩිපාරේ යන්නෝව සිටින්නන්ට චර්මඡේද්‍යයේ පියා වන පිණිසත්ය.


නුඹලා අතරෙන් සමහරු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට මැදිවෙමින්, අනියම්ලෙස හැසිරෙන බව අපි ඇසීමුව.


නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව හැරදමා මනුෂ්‍යයන්ගේ නියෝග රක්ෂාකරන්නහුයයි කීසේක.


උන්වහන්සේ ඔවුන්ට තවත් කථාකොට: නුඹලාගේ නියෝග පවත්වන පිණිස නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව එපාකරන හැටි කදිමයි.


මෙසේ නුඹලා භාරදී තිබෙන නුඹලාගේ නියෝගවලින් නුඹලා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකරන්නහුය. නුඹලා තවත් එබඳු බොහෝ දේ කරන්නහුයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්