Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 7:26 - Sinhala Revised Old Version

26 ඈ වනාහි සිරෝපිනීසි ජාතියේ ග්‍රීක් ස්ත්‍රියෙක්ය. ඇගේ දුවගෙන් යක්ෂයා දුරුකරන ලෙස ඈ උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඈ සිරියාවේ පිනීසිය නම් පෙදෙස්හි උපන් ග්‍රීක් ජාතික ස්ත්‍රියකි. ඇගේ දුවගෙන් දුෂ්ටාත්මය දුරු කරන ලෙස ඈ උන් වහන්සේගෙන් අයැද සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 සිරෝ-පිනිසියානු ග්‍රීක ස්ත්‍රියක වූ ඕ, තම දියණියගෙන් යක්ෂාත්මය දුරු කරදෙන මෙන් උන්වහන්සේගෙන් අයැද සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඈ සිරියාවේ පිනීසිය නම් පෙදෙස්හි උපන් ග්‍රීක් ජාතික ස්ත්‍රියකි. ඇගේ දුවගෙන් දුෂ්ටාත්මය දුරු කරන ලෙස ඈ උන් වහන්සේගෙන් අයැද සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 7:26
7 හුවමාරු යොමු  

බලව, කානානිය ස්ත්‍රියෙක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත්: දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීයයි කීවාය.


බලව, සමහරෙක් දුරින් එන්නෝය. බලව, සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන්ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය.


එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.


නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


එකෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ කුඩා දුවෙක් ඇති ස්ත්‍රියෙක් උන්වහන්සේ ගැන අසා ඇවිත් උන්වහන්සේගේ පාමුල වැටුණාය.


උන්වහන්සේ කථාකොට: පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත්වා. මක්නිසාද දරුවන්ගේ රොටි ගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි ඈට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්